IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා

 

(ජේ.කේ.එල්. චාමින්ද)

ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින්  ගලේවෙල  ප්‍රා දේශිය සභාවට සහ ඒ අවට පොදු භුමියට සිදුවන  ගංවතුර හානිය වලක්වාගැනිමේ  ව්‍යාපෘතිය සදහා රුපියල් 43,297,181 වැයකොට  ගලේවල මහජන ක්‍රිඩාංගනය හා  ප්‍රේක්ෂකාගාරය  අලුත්වැඩියා කළද  මෙකි ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුවි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

 මෙය ආපදා සදහා  ප්‍රතිචාර දැක්විමේ  සුරක්ෂිත සහන මධ්‍යස්ථානයක් ලෙස  අලුත්වැඩියා සිදුකළ ද  ඊට අවශ්‍ය කිසිදු පහසුකමක් එහි  නොතිබුණි. මේ සදහා රුපියල් 2,032,633ක් වැය කර  මිලදි ගෙන තිබු යන්ත්‍ර හා උපකරණ  වලින් නැවත  භාවිතා කළහැකි  රුපියල් 1,316,948 වටිනා  යන්ත්‍ර හා උපකරණ  ගලේවෙල ප්‍රා දේශිය සභාවට හෝ  ආපදා කළමණාකරණ දිස්ත්‍රික් ඒකකයට  භාරදි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 මේ සම්බන්දයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ගණන්දිමේ නිලධාරිවරයා විසින්  විගණනයට කිසිවක් සදහන් කොට නොතිබුණි.

 ආපදා අවම කිරිම සදහා වෙන්කළ ප්‍රතිපාදන මුදල් පලදායි ලෙස ප්‍රසම්පාදන කටයුතු සිදුකර  අපේක්ෂිත අරමුණු  ලගාකරගැනිම සදහා  මධ්‍යස්ථානය විසින් නිසි අධික්ෂණයක් සිදුකළ යුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.



අදහස් (0)

ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site