IMG-LOGO

ගෙවත්තේ තිබූ මෝටර් රථ දෙකකට-යතුරුපැදියකට ගිනි තියලා

(එච්. චන්දන)

‌ගෙවත්තක ගාල් තිබූ මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03) අලුයම ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ  ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

හලාවත -  මුගුණුවටවන - පුලියන්කඩවර පදිංචි ව්‍යාපාරිකයකුගේ නිවසේ මෙම ගිනි තැබීම සිදුවී තිබේ. 

සිද්ධිය සම්බන්ධව එම ව්‍යාපාරික මහතාගේ පැමිණිල්ලකට අනුව හලාවත පොලීය මගින් විශේෂ  පරීක්ෂණ ආරම්භ කර ඇත.

ව්‍යාපාරිකයා පවසන අකාරයට තමන් ඇතුළු පවුලේ අය නිවසේ  සිටින විට ඇසුණු ශබ්දයක් හේතුවෙන් අවදී බලන විට තම ගෙවත්තේ ගාල් කර තිබූ මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට ගිනි තබා ඇති බව දුටු බවත් මේ ගින්න නිසා තමන්ට රුපියල් ලක්ෂ 80 ක පමණ අලාභයක් සිදුවී ඇති  ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ගිනි තැබීම සිදු කර ඇත්තේ කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී  නොමැති අතර කිසියම් පුද්ගලික ආරවුලක් මත මෙම ගිනි තැබීමට හේතුව වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයිද පොලීසිය සදහන් කරයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 



අදහස් (0)

ගෙවත්තේ තිබූ මෝටර් රථ දෙකකට-යතුරුපැදියකට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 669 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1068 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site