(විමුක්ති එස්. රුද්‍රිගු)

හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරැ ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් ලංකා ගල් අඟුරු සමාගම අද ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ අවශ්‍යතාවක් ඇති වුවහොත් මිලදී ගැනීම් කඩිනමින් සිදු කිරීම සඳහා මෙලෙස හදිසි මිලදී ගැනීමේ යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගත් බවය.

එසේම මෙරටට ගෙන්වූ ගල් අඟුරු නැව්ගත කිරීම් බොහොමයක් මූලික තත්ව පරීක්ෂාවෙන් අසමත් වී ඇති අවස්ථාවක බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියා මාර්ගය ගත් බවත්ය.