
(සුජිත් හේවාජුලිගේ)
ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තවත් ප්‍රධානීන් හය දෙනෙකුගේ ඊයේ (15) සාක්ෂි සටහන් කර ගත්තේය
මෙසේ සාක්ෂි සටහන් කරගෙන ඇත්තේ ලංකා විදුලි ජනන පෞද්ගලික සමාගමේ සභාපතිවරයා, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරියෙකු මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු , ජාතික පද්ධති ක්‍රියාකාරී පුද්ගලික ආයතනයේ නියෝජිතයෙකු සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ඇතුළු හය දෙනෙකුගෙනි.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා, සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනකුගෙන් මීට ඉහත සාක්ෂි සටහන් කර ගැනිණ.
සාක්ෂි විමසීම පසුගිය 06 වැනිදා ආරම්භ කෙරිණ.
කොමිසම දැනට 60කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහත්වරු කටයුතු කරති.
බාල ගල්අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 223කට වැඩි පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd