
(සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණු බව වාර්තාවේ.
මෙම උණුසුම්කාරී තත්වය ඇති වුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගල් අඟුරු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කිරීම මෙන්ම විවිධ ප්‍රශ්න මතු කිරීම හේතුවෙනි.
එහිදී මතුවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කමිටු සභාපතිවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ගල් අඟුරු ප්රතිතනය සහ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු පැවතුණ බව ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් එහිදී ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් ඇසූ සමහර ප්‍රශ්න වලට එහි සිටි නිලධාරීන්ට නිසි උත්තර ලබාදීමට නොහැකි වුණු ආකාරයද දැක ගත හැකිවිය.
ඇතැම් මන්ත්‍රීවරු කෝප් කමිටු සභාපතිවරයාට ද චෝදනා එල්ල කළහ.
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු විමසීමට ලක් විජය බලාගාරය ගල් අඟුරු සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd