IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි

(ඩී.ජී.සුගතපාල)

නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී අද ප්‍රශ්න කළේය.

රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ විනය බාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරිම,සාපරාධි බලහත්කාරය පෑම,අයුතු අවහිර කිරිම ,අයුතු ජන රාශියක සාමාජිකයින් විම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම පිඨයේ සිසුන් පස් දෙනකුට එරෙහි  නඩුව විභාගයට ගත් අවස්ථවේදී මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කර සිටියේය.ෙ

නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සිසුහු විවෘත අධිකරණයේදි පැමිණිලිකාර කථිකාචාර්වරයාට වැඳ සමාව ගෙන නඩුව සමථයට පත් කරගත්හ.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විත්තිකාර සිසුන්ට දැඩිලෙස අවවාද කරමින් මෙසේ විමසා සිටියේය. නවක වදය දිමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද . ඔබේ දරුවන්ට මෙවැනි අමානුෂික වද දෙනවිට ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකිය ද?. නවක වදය සිමාව ඉක්මවා සිදු කිරිම බලවත් වරදක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නවක වදය දෙන්නේ නම් ඒවාට ඇතුලත් විය යුත්තේ අමානුෂික වද නොව විනෝදාත්මක වැඩ සටහන් බවද මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (5)

ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි

kamal Saturday, 17 May 2025 03:16 AM

නවක වදය සීමාව ඉක්මවා නොයන, විනෝදාත්මක දෙයක් විය යුතු බවට අවවාද කර ඇත. වරදට නිසි දඬුවම් නොදී මෙවැනි ලිහිල් අවවාද කිරීම් නිසා තමයි අද මේ වසංගතය සරසවි වලින් තුරන් කරගන්ට බැරි වෙලා තියෙන්නේ.

:       3       34

luky Saturday, 17 May 2025 08:06 AM

අවවාද දෙන්න ඕනේ ඔවුන් අහක බලන් ඉන්නවා. දඬුවම් දෙන අය අවවාද දෙනවා. රටේ දරුවන්, මියයනවා. මහේස්ත්‍රාත්‌ වැරැදි කරුවන්ට දඬුවම් කරන්න. අවවාද ගෙදරින්, ඉස්කෝලෙන් දීලා තියෙන්නේ...

:       2       25

de silva Saturday, 17 May 2025 08:28 AM

විනිසුරුතුමනි, විනෝදාත්මක වැඩසටහන් අවශ්‍යත් නැහැ, කවුද දන්නේ කෙනෙක් නිර්වස්ත්‍රව පාරේ ඇවිදවන එක තව කෙනකුට විනොදයක්ද කියලා, ඔය සිසුන්ට අත්හිටවූ සිර දඬුවමක්වත් දුන්නා‍ නම් හොඳ බව මගේ අදහසයි..

:       2       33

Bunny Preena Saturday, 17 May 2025 09:35 AM

මියගිය ශිෂ්‍යයාට දීපු නවක වදයම ඔය මැරවරයින් 5 දෙනාගේ මහලොකු අම්මයි, තාත්තයි කියන අයයි, සහෝදර, සහෝදරියෝ කියන අයයි ඔක්කොම ලබන වින්දනය කොහොමදැයි කියලා සමාජය හමුවේ ප්‍රකාශ කරන්න කියන්න.

:       2       23

Thakshila Uyangoda Saturday, 17 May 2025 07:44 PM

මෙම නඩුව හා නවක වදය අතර කිසිම සම්බන්ධයක් නැති බව අවධාරණය කරමි. මෙම නඩුවට සම්බන්ධ සිසුන් පස්දෙනාගෙන් කිසිවකු නවකවදය අනුමත නොකරන අතර ඒ සම්බන්ධව ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවක් නැත. යම් කිසිවකුගේ අවශ්‍යතාව මත ඔහුගේ අභිමතයන් සපුරා ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ කීර්තිනාමයට හානි කරමින් ඔහුගේ වරද වසා නවක වදයක් ඉස්මතුකරමින් පළවූ සාවධ්‍ය පුවතක් බව හැඟී යයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31372 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13594 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1018 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site