(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත ජනකායක් මේ වන විටත් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිති.
රාත්‍රී 9.00 වන විටත් උද්ඝෝෂකයෝ දසදහකට අධික පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විවිධ පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති.
' නිර්පාක්ෂික විරෝධතාවය' ලෙස විවිධ සංවිධාන එක්ව අද පෙරවරුවේ සිට ගාලුමුවදොරින් මෙම විරෝධතාව සංවිධානය කළ කළ අතර පෙරවරුවේ සිට වරින් වර 50,000 කට අධික ජනතාවක් මෙම උද්ඝෝෂණයට සහභාගි වූ බව විරෝධතාකරුවෝ පවසති.
විවිධ මට්ටමේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කම්කරුවන්, ගොවියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් මෙම උද්ඝෝෂණයට සහභාගී වූ බවත් උද්ඝෝෂකයෝ කියති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබලා සමගයි . මගේ රටට වුන හරිය ..තොපි හොරකම් කරපු එවුන් වැහි නැති හෙන ගහන්න ඔනේ. බදු සරනයි
අපේ උගත් දැනුවත් තරුණ පරම්පරාව හරි වෙනස්. ඒගොල්ලන්ට කටෙන් චන්ඩිපාර්ට් දාන එක කතානායක පුටුවට වතුර වක්කරනවා, මිරිස් කුඩු ගහනවා නැත්නම් බයිබලයෙන් දමාගහනවා වගේ නෙවේ. මේ හැප්පෙන්න හදන්නේ වැරදි පරම්පරාව එක්කයි.
69 ලක්ෂෙම බැහැපියව් දැන් පාරට.. තොපි ජනාධිපති පුටුවට ගෙනා ගෝඨා ගොනා ඇද දමව් වහා පාරට....
69 ලක්ෂයක් සිංහලයෝ එකතුවෙලා පත් කරපු ආණ්ඩුව ජෙප්පෝ 15000 එකතුවෙලා කිව්වට ඉල්ලා අස්වෙන්නේ මොන බම්බුවකටද? අපිට ජෙප්පෝ එපා.
විද්වතුන්ට තීරණ ගන්න බැරි උනාම මෝඩයින් රජ වෙනවා පසුගියකාලේ අපි දැක්ක විද්වතුන්ට තීරණ ගන්න බැරුව තනතුරුවලින් පන්න දමනවා. මොඩයින්ටත් බැරිනම් ජෙප්පෝ දාලා හරියනවාද?
හැම තැනින්ම තමන්ව ප්‍රතික්ෂේප වෙද්දීතවත් ඉල්ලගෙන ඉන්නේ අපිට කරන්නද? අත ඇරියොත් වැටෙන්නේ හිර ගෙදරට කියලා දැණුන නිසා වෙන්න ඇති....