IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෝල් ටයිටන්ස් සුපිරි ඕවරයේදී ජය ලබයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල සුපිරි ඕවරයේදී දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය.

දඹුල්ල අවුරා පිල සුපිරි ඕවරයේදී කඩුල්ලක් දැවී ලකුණු 9 ක් රැස් කළ අතර ගෝල් ටයිටන්ස් පිල එම ඉලක්කය පන්දු දෙකකදී සම්පූර්ණ කළේය.

තරගය ලකුණු 180 කට සම වීමෙන් ‘සුපිරි ඕවරය’ට යෑමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කය හඹාගිය දඹුල්ල අවුරා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කිරීමෙන් තරගය සමවිය.

දඹුල්ල අවුරා පිලට අවසන් ඕවරයට ලකුණු 16 ක් රැස්කිරීමට භාරවූ අතර අවසන් පන්දුවට ලකුණු දෙකක් රැස්කිරීමට සිදුවුවද එක ලකුණක් පමණක් රැස් කළේය.

ගෝල් පිලේ නායක දසුන් ශානක අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27 කට කඩුලු 3 ක් ගැනීමට සමත්විය.

දසුන් ශානක වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 21 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ගෝල් පිල ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් විය.

භානුක රාජපක්‍ෂ පළමුව පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 34 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් රැස් කළේය.

ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 180 (ෂෙවෝන් ඩැනියල් 33, භානුක රාජපක්‍ෂ 48, ශකීබ් අල් හසන් 23, දසුන් ශානක නොදැවී 42, බිනුර ප්‍රනාන්දු 32/1, ශනාවාෂ් දහනි 37/2, ධනංජය ද සිල්වා 38/1) දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 180 (ධනංජය ද සිල්වා 43, කුසල් පෙරේරා 40, සදීර සමරවික්‍රම 13, ඇලෙක්ස් රෝස් නොදැවී 39, හයිඩන් කීර් 20, දසුන් ශානක 27/3, කසුන් රාජිත 35/2, විශ්ව ප්‍රනාන්දු 20/1, ශකීබ් අල් හසන් 25/1)

 



අදහස් (0)

ගෝල් ටයිටන්ස් සුපිරි ඕවරයේදී ජය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site