(ඩයනා උදයංගනී)
සෞර ග්‍රහ මණ්ඩලයට අයත්ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක පිහිටා ඇති ආකාරය දැකගැනීමේ හැකියාව මේ දිනවල පවතින අතර, එම සංසිද්ධිය හෙට (29) අලුයම 4.40 සිට හිරු උදාව දක්වා වඩාත් හොඳින් දැකගත හැකි බව ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පවසයි.
ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක එකවර අහසේ නිරීක්ෂණය කළ හැති අතර, චන්ද්‍රයාගේ ආලෝකයේ බලපෑම අවම වන බැවින් අද අළුයම එය වඩා පැහැදිළිව දැකගත හැකි බව ඔහු සඳහන් කළේය.
තරමක් අහස මුදුනට වන්නට පිහිටා ඇති සෙනසුරු ග්‍රහලෝකය හඳුනාගැනීම තරමක් අපහසු වුවත් සිකුරු හා බ්‍රහස්පති යන ග්‍රහලෝක ඉතා දීප්තියෙන් යුතුව දැකගත හැකි නිසා එම ග්‍රහලෝක මනසින් යා කරමින් අනෙක් ග්‍රහලෝක ද හඳුනාගත හැකි බව වනිගසේකර මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව ජූලි මස පළමු සතිය දක්වාම දැකගත හැකි බව ද හෙතෙම කීවේය.
මෙලෙස ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක යළිත් දැකගත හැකි වන්නේ 2040 වසරේදීයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ග්‍රහලෝක පහක් හෙට අලුයම එකම රේඛාවක
Bamunuarachchi Thursday, 30 June 2022 09:06 AM
එකම රේඛාවක කිව්වේ සුර්යයාට කෙළින්. මම පුදුම වුණා ඔබට මාරුවෙලාද කියලා...?