IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ග්‍රහකයක පස් අරන් නාසා යානය එනවා

විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ  2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම්ගත කළේය. එම සිතියම්ගත කිරීම අවසානයේ, 2020 දී යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූ අතර, එය ග්‍රහකයට සමාන වේගයකින් එය අසලින් ගමන් කිරීම ඇරැඹුවේය.

යානයේ රොබෝ අතක් ඇති අතර, එම රොබෝ අත යොදා ගනිමින් ග්‍රහකයේ මතුපිට සූරා පස් ලබා ගැනීම කළේ ඉන්පසුවය. ලබා ගත් එම පස් සාම්පල යානයේ කුඩා කැප්සියුලක තැම්පත් කෙරුණි. එම වික්‍රමය සිදු වූයේ 2020 ඔක්තෝබර් 20 වැනිදාය.

අධික වේගයෙන් විශ්වයේ ගමන් කරන ග්‍රහකයකට ළං වී, එම ග්‍රහකයට ගොඩබෑමක් සිදු නොකර, පස් සාම්පල ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පස් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසු රොබෝ යානය යළි පෘථිවිය බලා ගමන් ඇරැඹුවේය.

අද (24) දිනයේ රොබෝ යානය පෘථිවි කක්ෂයට ළං වී, පස් සාම්පල සහිත කුඩා කැප්සියුලය පෘථිවි කකක්ෂයට තල්ලු කරනු ඇත. වෙඩි උණ්ඩයකටත් වඩා 15 ගුණයක වේගයකින්, එම කැප්සියුලය පෘථිවි වායු ගෝලය හරහා වේගයෙන් පහළට ඇදී එනු ඇති බව ද පැවැසෙයි. වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය ගිනි ගැනීමකට ලක් වෙයි. කැප්සියුලය ආරක්ෂා වන්නේ එහි ඇති තාප ආරක්ෂක පද්ධතිය නිසාය.

කැප්සියුලයේ අධික වේගය අඩාල වනු ඇත්තේ, එහි ඇති පැරෂූට් දිග හැරීමෙනි. මේ සියල්ල සියුවන්නේ පෙර සැලැසුම් කළ අන්දමටය. පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය සෙමින් සෙමින් (ශ්රී ලංකාවේ වේලාවෙන් අද රාත්රී 08.25ට) ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිත කෙරෙනු ඇත. නාසා විද්‍යාඥයන් සහ ඇමෙරිකන් හමුදා නිලධාරීන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටිනු ඇති බව ද පැවැසෙයි. කැප්සියුලයේ ඇත්තේ ‘බෙන්නු’ ග්‍රහකයෙන් සූරා ගත් පස් ග්‍රෑම් 250 කි.

පස් සහිත කැප්සියුලය පෘථිවි කක්ෂයට විසි කිරීමෙන් පසු, ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය යළි විශ්වයේ ඈතට ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ. ඒ නව ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කරමිණි. 2029 දී ‘ඔසයිරස් රෙක්ස්’ ‘ඇපොසිස්’ නමැති ග්‍රහකයට ළං වී එය ගවේෂණය කිරීමට නියමිතය.

මීටර් 500 ක් පළල යෝධ ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ  1999 සැප්තැම්බර් 11 වැනිදාය. ග්‍රහකය ‘බෙන්නු’ යනුවෙන් නම් කර ඇත්තේ, මිසර දේව පුරාණයට අනුවය. හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, නාසා විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දැක්වූයේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම නිසාය.

2060 සැප්තැම්බරයේත්, 2175 වසරේදීත් ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇත. 2060 සැප්තැම්බර් 23 වැනිදා ‘බෙන්නු’ පෘථිවිය අසලින් යන්නේ පෘථිවියේ සිට සැතපුම් 4,60,000 ක දුරකිනි. 2175 වසරේදී ‘බෙන්නු’ ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතය.

පස් සාම්පල පරීක්ෂා කරමින්, ‘බෙන්නු’ ග්‍රහකයේ ස්වභාවය අවබෝධ කර ගනිමින්, එය පෘථිවියේ ගැටීම වළක්වා ගැනීමට සැලැස්මක් සකස් කිරීම නාසා ආයතනයේ අරමුණ වෙයි.

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (0)

ග්‍රහකයක පස් අරන් නාසා යානය එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1629 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site