IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිය වසරේ නාවික මෙහෙයුම්වලින් ජාවාරම්කරුවන් 343ක් අත්අඩංගුවට

(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)

පසුගිය 2023 වසරේ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

මෙරට සාගර කලාපය ඔස්සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම ශ්‍රිලංකා නාවික හමුදාව නිරන්තර සාර්ථක මෙහෙයුම් කරන බවත් ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලින්  ලද ‍තොරතුරු අනුව, 2023 වර්ෂයේ කල සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 715 කට අධික තොගයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3711 කට අධික තොගයක්, දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක්, හෂීෂ් කිලෝග්‍රෑම් 140 කට අධික තොගයක් සහ අයිස් කිලෝග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවත් නාවික හමුදාව කියයි.

දේශීය ගංජා පැළ 92572 ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කළ අතර  මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 18 ක් සමඟ සැකකරුවන් 187 ක්, ඉරාන යාත්‍රාවක් සමඟ ඉරාන සැකකරුවන් 05 ක්, පාකිස්ථානු සැකකරුවන් තුනක් (03) සහ ඉන්දීය ධිවර යාත්‍රා 02 ක් සමඟ ඉන්දීය සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කළ බවත් නාවික හමුදාව සදහන් කරයි.

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කල විදේශීය මත්පැන් බෝතල් 191 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 08 ක්, නීතිවිරෝධී දුම්වැටි 41380 ක තොගයක්, මත්පෙති 1016755 ක තොගයක්,  මදන මෝදක 2642 ක තොගයක් සමඟ සැකකරුවන් 42 ක්, ගජමුතු 11 ක ප්‍රමාණයක් හා නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්තරන්   කිලෝග්‍රෑම් 14 කට අධික තොගයක් සමඟ දේශීය යාත්‍රා 03 ක් හා සැකකරුවන් 11 ක්ද  පසුගිය 2023 වර්ෂයේදී නාවික හමුදාව භාරයට ⁣ගත් බව ද කීය.

පසුගිය වසර තුලදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩී කොළ කිලෝග්‍රෑම් 36910 අධික තොගයක්, දුමිකොළ කුඩු කිලෝග්‍රෑම් 878 ක අධික තොගයක්, කහ කිලෝග්‍රෑම් 990 කට අධික තොගයක්, එනසාල් කිලෝග්‍රෑම් 1267 ක්, කෘෂි රාසායනික දියර බෝතල් 4722 ක් හා පැකට් 12907 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන 45418 ක තොගයක් සමඟ සැකකරුවන් 60 දෙනෙකුද නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකරගත් බවත්

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මිනිස් ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධ වූ යාත්‍රාවක් හා පුද්ගලයින් 05 දෙනෙකු ද, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කල යාත්‍රාවක්   හා පුද්ගලයින් 09 ක් ද, නීතිවිරෝධී ලෙස ඉන්දියා‍වේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සහ කල යාත්‍රා 02 ක් හා පුද්ගලයින් 07 ක්ද භාරයට ගත් බවත් නාවික හමුදාව සදහන් කරයි.

නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.



අදහස් (0)

ගිය වසරේ නාවික මෙහෙයුම්වලින් ජාවාරම්කරුවන් 343ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site