
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් දුන් අක්කර තිස්පහක භූමියක් පිටස්තර අයකුට ලබාදීමට විරෝධය පළ කරමින් දිඹුලාගල මලියදේවපුර ගම්මානයෙ පිරිසක් අද පෙරවරුවේ එම ඉඩමට ගොස් ඊට විරෝධය පළ කළහ.
ඉඩම ලබාගත් පුද්ගලයා වටිනා ගස් විනාශ කරමින් දැඩි පරිසර හානියක් සිදුකර ඇති බවත්, තමන්ට පර්චස් 20 බැඟින් වෙන් කරපු අක්කර තිස් 35 ඉඩම් කොටස එක් පුද්ගලයකුට ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගෙන් ඇති තීරණය වහාම නතර කරන ලෙසද එම විරෝධතාකරුවෝ මෙහිදී ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය භූමියේ ඇති මායිම් සලකුණු කඩා බිඳ දැමීමට විරෝධතාකරුවන් කටයුතු කළ අතර තමා ඉල්ලීම් ඉටු නොකළොත් තමන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බවද විරෝධතාකරුවෝ පැවසූහ.
විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳ අප දිඹුලාගල මහවැලි කොට්ඨාශ කළමනාකාර එම්,ජි,එන්, ජයකොඩි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ඉඩම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මිරිස් වගාව ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බවත්, එම් ඉඩම් තුල මිරිස් වගා කිරීමට ගම්මානයේම පිරිසකට තෝරා ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවාට අරගල කරන්න අපේ සහයෝගය නොමසුරුව ලැබෙනවා. වගකිවයුත්තන් ඇදගෙනවිත් ගස් බඳින්න.