(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (6) උදෑසන වනවිට පැය 24 ක කාලය තුලදී 1566 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුවීම අනුව 192 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් හමුවීම බියගම - 174 ක්, සීදූව - 142ක්, ගම්පහ - 135 ක්, මීරිගම - 131 ක්, වත්තල - 125 ක්, දිවුලපිටිය - 119 ක්, මිනුවන්ගොඩ - 100 ක්, රාගම - 85 ක්, අත්තනගල්ල - 80 ක්, කටාන - 74 ක්, කැලණිය - 63 ක්, මීගමුව - 54 ක්, ජාඇල - 47 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 45 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 49 දෙනෙකු හමුව ඇති බවත් ආසාදිතයින් 355 දෙනෙකු ප්‍රතිකාරමධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 240 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,679 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12,41,836 දෙනෙකුට කොවිඩ් වෛරසය මර්ධනය පිනිස වන එන්නතේ පළමු මාත්‍රාවත් පුද්ගලයින් 5,38, 335 දෙනෙකු හට දෙවන මාත්‍රාවත් ලබාදීම සිදු කොට ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1566ක්
sharm warn Friday, 06 August 2021 10:39 AM
ගම්පහින් තමයි පොහොට්ටුවම ගෙනාවේ... උඩ පැනගෙන දුන්නු ඡන්දනේ...