(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 537 දෙනකු හමුවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 80කි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයන් 54 දෙනකු හමුව ඇති බවත් එය කටුනායක ආයෝජන කලාපයෙන් 32 ක්, බියගමින් - 17 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනකු වශයෙන් හමුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,126 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd