(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් නාම යෝජනා පත්‍ර 7 ක් ප්‍රතික්‍ෂේප වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් දර්ශන පාඩිකෝරාල මහතා පවසයි.

මීගමුව මහ නගර සභාව සදහා අභිනව නිවහල් පෙරමුණ  , බියගම ප්‍රාදේශීය සභාවට ජන සෙත පෙරමුණ සහ මිනුවන්ගොඩ නගර සභාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ  ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සහ වත්තල - මාබෝලේ නගර සභාව, බියගම ප්‍රාදේශීය සභාව සඳහා සහ දොම්පෙ ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා පත්‍ර දෙකක් වශයෙන් ස්වාධීන කණ්ඩායම්  ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප වූ බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයා  ප්‍රකාශයට පත් කරනු ලැබීය.

දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා පිළිගත් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා පත්‍ර 159 ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 39 ඉදිරිපත්ව ඇති අතර ඉන් නාම යෝජනා පත්‍ර 7 ක් මෙලෙස ප්‍රතික්‍ෂේප වූ බවද තේරීම් බාර නිලධාරීවරයා දැනුම් දෙනු ලැබීය.