(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත.
අවුරුදු 16 සහ 18 වයසේ පසුවන 11 වෙනි ශ්‍රේණිය හා 12 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු මෙලෙස අතුරුදහන්ව ඇති අතර ගම්පහ නගරයේ පාසල් සිසුවිය පාසල නිමවී යන විට අතුරුදහන්ව ඇති බවත් අනෙක් සිසුවිය ඊයේ පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය පොලීසියත් වැලිවේරිය පොලීසියත් පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න හුඟාක් සුද්දම්මිලාගේ හැසිරීම නම් අන්තිමයි...!
ජීවිතය ගැන මොකුත්ම දන්නේ නැති ළාබාල දරුවන් දෙන්නා කොල්ලන්ට රැවටිලා ගිහින් වත්ද?
කවුරුන් හො සලසුම් සහගතව කල වැඩකට සිසුවියන් දෙදෙනා අහුවෙලා වගෙයි මටනම් පෙනෙන්ට තියෙන්නෙ.