IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගම්පහ නිවෙස්වල කොරෝනා අසාදිතයන් විසිදහසකටත් වැඩි පිරිසක්

(ආනන්ද ඉ ජයකොඩි)

ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති විසි දහසකට වැඩි පිරිසක් අද (30) උදෑසන වන විට නිවාස වලම සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පැවසීය.

එම රෝගීන් ගණනට දිනපතාම අලුත් රෝගීන් එකතු වන බවද උප සභාපතිවරයා කීය.

මේ තත්ත්වය ඉදිරියේදී පාලනය කළ නොහැකි තත්වයකට පත් වුවහොත්  සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්ත්වයකට පත් වන බවද උප සභාපතිවරයා කියා සිටියේය.

එම රෝගීන් ගේ අධීක්ෂණය සදහා වෛද්‍ය වරුන් පිරිසක් යෙදී සිටින බවත්  පෙර පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට එම රෝගීන් අධීක්ෂණය කිරීමට නොහැකි තත්වයක් උදා  වී ඇති නමුත් බරපතල තත්වයක් මතුවන රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්   හැකි මට්ටමින් දායක වන බවද හෙතෙම සඳහන් කළේය.

එවැනි රෝගීන් පිළිබඳව කෙටි පණිවුඩ ලැබෙන පරිදි ප්‍රමුඛ තාවය අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපතිවරයා කීය.

 

 

 



අදහස් (3)

ගම්පහ නිවෙස්වල කොරෝනා අසාදිතයන් විසිදහසකටත් වැඩි පිරිසක්

දේවින්ද කැප්පෙටිපොළ Monday, 30 August 2021 04:00 PM

නිවෙස්වල නිරෝධායනය වෙන කෝවිඩ් රෝගීන්ට සහ ආශ්‍රිතයින්ට ආගමික ස්ථානවලින් කරන ලවුඩ්ස්පීකර් වතාවත් මහත් හිරිහැරයක්... උදේ පාන්දර සහ සවස ගෙවල් දෙදරන්න ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. රටේ හැමතැනම මෙය දැන් ප්‍රශ්නයක්..

:       0       5

සෙනෙවිරත්න Monday, 30 August 2021 09:25 PM

මෙච්චර දේවල් වෙලත් මේ මිත්‍යා මත විශ්වාස කරන බෞද්ධයන් කියල කොටසක් ඉන්නවා . බුදුන් කවදාවත් කියල තියෙනවද තමන් දෙසූ ධර්මය මන්තර හැටියට ජප කලාම රෝග වලින් බේරෙන්න පුළුවන් කියල? බුදුන් කිව්වෙ සියල්ල යථා තත්ත්වයෙන් සිතන්න එහෙම තීරන ගන්න කියල. දැන් කොන්ක්‍රීට් බෞද්ධයන් මට දොස් කියාවි.නමුත් ඇත්ත මේකයි. මේ බොරුව එලිපිට කතාකරන්න බය එකයි වෙලා තියෙන්නෙ

:       0       1

de silva Monday, 30 August 2021 04:43 PM

දේවින්ද මහත්තයාගේ අදහස මමත් අනුමත කරමි. කරුණාකර උදේ පාන්දර 4-5ට ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් දමාගෙන කරන කරදරය නවත්වන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site