
(අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ කඩිනමින් අවසන් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවෙිදී ජනාධිපතිවරයා මේ බව කීය.
ජනාධිපති කාර්යාලයේදී අද (06) මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙවර අයවැයෙන් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් මහාමාර්ග හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී නිලධාරින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය හා ඒවා ක්‍රියාවට නැංවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 20-30කට අනාගතය ගැන හොයලා පාරවල් හදන්න. නැත්තං කොළඹ වගේ මාර්ග තදබදයට පිළියමක් නෑ. කොළඹ පාරවල් සුද්දා හැදුවේ වසර 133කට අනාගතය බලලා (1815-1948) ඒ ප්‍රමාණය නිදහසෙන් පසු පුළුල් කරේ නෑ කරන්නත් බෑ අනවසර ඉදිකිරීම් නිසා. කිරුළපන - පාමන්කඩ පාර පුළුල් කරන්න තාම නඩු යනවා ගෙවල් වලට වන්දි වලට, ඉතිං ඒ හින්දා මාර්ග තදබදයට විසඳුම් නෑ. ගාලුපාර කළුතරින් එහාට පටුවෙනවා. කුරුණෑගල, ගම්පහ පාරවල් දුර්වලයි. යාපනයට, නුවරට වගේම ත්‍රිකුණාමලයට අධිවේගී මාර්ගය ඕනේ ආර්ථිකමය වටිනාකම වැඩි හින්දා...
ඒක තමයි රාජපක්ෂලා පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට ඊළග ඡන්දෙදී වියදම් කරන්න හොරා කන්න දීපු අවස්ථාව නියමයි..!!!
ඇත්ත. බොරුවට හරි පාරවල් හදන්න. ලංකාවේ අයට රට දියුණු වෙනවා කියලා දැනෙන්නේ පාරවල් හදනවා නම් විතරයි. පාරවල් හැදුවේ නැතිනම් අනිවා ඊළඟ ඡන්දේ ෆේල්....