(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අන්තර් පලාත් බස් රථ 2100 ක් පමණ ධාවනයේ යෙදවීමට සූදානමින් සිටින බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
නැවත කොළඹට එන ජනතාව වෙනුවෙන් හෙට (16) සිට බස්රථ ධාවනය ක්‍රියාත්මක කරන බවත් එම බස් රථ ධාවනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව ඉන්ධන ප්‍රමාණවත්ව ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍යයෙන් අන්තර් පලාත් බස් රථ 1500 ක් පමණ ධාවනය කරන බවත් එම බස් රථ වලට අමතරව මෙම විශේෂ අවස්ථාවේදී අවශ්‍යතාවය අනුව අතිරේක බස්රථ 600 ක් ද ධාවනයට සූදානම් කර ඇති බවත් රණවක මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස් 2100 ක්