
(උපාලි ආනන්ද)
ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මඩාටුගම පොලිසියේ සැරයන් 48455 ඩිල්ෂාන්, ගිරානේගම පොලිසියේ සැරයන් 60221 දිසානායක, රුම්කමන් ප්‍රසන්න විජෙසිංහ සහ චන්න සරංජන් යන සිවු දෙනාය.
සතුන් දඩයමට යොද්ගත් බව කියන පතුරම් තුවක්කු තුනක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විමර්ශනව ප්‍රගතිය ලබන නඩු වාරයේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයි නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැබ්බර මුව දෙනක මැරූ හතර දෙනා රිමාන්ඩ් කලා මෙන්ම පොලිසිසේ කිසිවකු uniforms නොමැතිව ගිනි අවි සහිතව විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මහජනතාව වෙත පැමිණීමද සිදු නොවිය යුතුවේ. පොලීසිය විසින් කරන්නාවූ වැරැදි සහ පොලිසියට එල්ලවන චෝදනා සොයාබැලීම සහ පරීක්ෂා කිරීම සඳහා වෙනම ආරක්ෂක අංශයක් (පොලිසියක්) ආරම්භ කිරීමට කටයුතු කළයුතුවේ..
පොලිසිය වැඩේ නවන්න වගෙයි හදන්නේ? මොකද මේ පිළිබඳ පළමු විඩියෝ එකේ වනජීවී නිලධාරී මහත්මයා කියන්නේ ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇත කියලයි. ඒත් මේ පෝස්ට් එකේ තියෙන්නේ "පතුරම් තුවක්කු 3ක් අත්අඩංගුවට ගත්තා කියලායි. තව ටික දවසකින් පොලිසියේ 4 දෙනා "එළියේ". මේ ගැන හෙළිකරලා පොලිසියේ කට්ටිය ගස් බැඳපු රජයේ සේවක මහත්මයා "ඇතුලේ" වගෙයි.