IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ගැබිනි මවට, වැඩිහිටි අයට ලිස්ටීරියා අවදානම්

‘Listeria monocytogenes‘ ගැන මේ වනවිට ඔබ දන්නවා ඇත. තවද එකී රෝගී තත්ත්වය ගැන සමාජයේ  විවිධ මතද පවතින්නට පුළුවන. එබැවින් මේ රෝගය ගැන යම් තරමින් හෝ අවබෝධයක්  ලබා තිබීම අවශ්‍යයා. මේ වෑයම ඒ උදෙසාය.   පසුගියදා සිට කොළඹින් බැහැර ප්‍රදේශවලින් ලිසිටීරියා රෝගීන් වාර්තා විණි.

‘Listeria monocytogenes‘ හැඳින්වීම

මෙම බැක්ටීරියා විශේෂය විවිධ පාරිසරික ස්ථානවල සොයා ගත හැකිය. ස්වභාවික පරිසරයේ ,ජලයේ මෙන්ම ගොවිපල ආශ්‍රිත පරිසර පද්ධතිවලද මෙය මනාව වැඩේ. ඒ වගේම සිසිල් ස්ථාන එනම් ශීතකරණ තුළ වුවද හට ගැනේ. එළවළු, පලතුරු, කිරි ආශ්‍රිත නිෂ්පාදනවලද

( මෘදු චීස්, පැස්චරීකරණය නොකළ කිරි) මෙකී විසබීජය වැඩීම නිසා ඉතා පහසුවෙන් සහ ඉක්මනින් එවැනි ආහාර අපිරිසුදු වීමටත් ,භාවිතයට ගත නොහැකි ලෙස නරක් වීමටත් පටන් ගැනේ.

බැක්ටීරියාව අවදානම් කණ්ඩායම්

මෙම බැක්ටීරියාව ඇතැම් රෝගීන්ට ශරීර ගත වුවහොත් මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පිළිවන. එවන් කණ්ඩායම් වනුයේ ගර්භනී කාන්තාවන්, අලුත උපන් බිළිඳුන්, අවුරුදු 65ට වඩා වැඩි වයස්ගතවූවන්, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත පුද්ගලයන්ය.

ආහාර විස වීමක්

බොහෝවිට ලිස්ටීරියා ආසාදිත ආහාර පාන ගැනීමෙන් ආහාර විස වීමක් ඇතිවිය හැකිය. ආහාරය ගෙන දින කිහිපයකින් පමණ උණ හට ගත හැකි අතර වමනය, පාචනය වුවද ඇති වීමට හැකි ඉඩකඩ වැඩිය. මෙම රෝගී තත්ත්ව සුළු වශයෙන් ඇති වී සුව වී යයි. මෙවැනි විටෙකදී විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

ප්‍රතිකාර ගත යුතු අවස්ථාව

එහෙත් මෙම විසබීජය ගර්භනී මවකට හෝ වයෝවෘද්ධ පුද්ගලයකුට හෝ නිදන්ගත රෝගයකින් පීඩා විඳින ප්‍රතිශක්තිය ඌන පුද්ගලයකුට ශරීර ගත වුවහොත් තත්ත්වය දරුණු වේ. මෙකී විසබීජය රුධිරය හරහා ගොස් මස්තිශ්ක තරළ ආසාදනයක් දක්වා තත්ත්වය වර්ධනය කරවයි. මෙවැනි විටෙකදී නිසි ප්‍රතිකාර නොලදහොත් මාරාන්තික විය හැකි අතරම විශේෂිත ප්‍රතිකාර ක්‍රමද අවශ්‍ය වේ.

ශරීර ගත වීම

විසබීජ මගින් අපිරිසුදු වූ ආහාර සහ පාන ගැනීමෙන් ඉතාම පහසුවෙන් මෙම විසබීජය ශරීර ගත වීමට පුළුවන. එනිසා ආහාර සුරක්ෂිතතාව ඉතාම වැදගත් සාධකයක් වනු ඇත. මෙම රෝගය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ නොවේ.

ගැබිණි මවකට ඇති අවදානම

අවදානම් කාණ්ඩයක් ලෙස ගැබිණි මවකට රෝගකාරක බැක්ටීරියාව ඇතුළු වුණොත් මුලදී වමනය, පාචනය වැනි සුළු රෝගී ලක්ෂණ ඇති වේ. එහෙත් විසබීජය වැදෑමහ හරහා දරුවාට ඇතුළු වීම මගින් ,පළමු මාසවලදිම කළලය විනාශ විය හැකිය. දරුවා බිහි වීමට ආසන්න මවකට නම් ඉපදුණු පසු දරුවාට meningitis ඇති වීමට පුළුවන. මෙම තත්ත්වයට ප්‍රතිකාර නොලද හොත් මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය වේ.

විසබීජය විනාශ කිරීම

පැස්චරීකරණය සහ ආහාර හොඳින් පිසීම, ජලය මනාව රත් කර ගැනීමෙන් විසබීජය විනාශ වී යයි. ඒ අනුව ආහාර පිස ගැනීම මෙන්ම ජලය පානය කිරීමේදීත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුවේ.

වැලැක්වීම

ආහාර ගබඩා කිරීමේදී පිසූ සහ නොපිසූ ආහාර එකිනෙක ස්පර්ශ වන අයුරින් නොතබන්න. ශීතකරණවල ආහාර ඇසිරීමේදී මෙවැනි ආහාර වෙන වෙනම ඇසිරීමට වගබලා ගන්න.

ආහාර ගැනීමේදී හොඳින් පිස ගන්න.

ආහාර ගබඩා කිරීමේ නිවැරැදි ක්‍රමවේද ගැන දැනුවත් වෙන්න.

හොඳින් නටවා උණුකර ගත් ජලය පානය කරන්න.

චාරිකා සඳහා සහභාගි වන්නන් ආහාර පාන ගැනීමේදී නිවසේදී සකසා ගත් ආහාර භාවිත කරනවා නම් රෝග බොහොමයකින්ම වැලකීමට පුළුවනි. එවගේම ඔබ ආහාර පිටින් මිලදී ගන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන අයුරින් සැකසුණු ආහාර පමණක් මිලදී ගැනීමට උත්සුක වන්න. බාහිරෙන් මිලදී ගන්නා සෑම ආහාරයකම කල් ඉකුත් වීමේ දිනය ගැන සුපරික්ෂාකාරී වන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ගැබිනි මවට, වැඩිහිටි අයට ලිස්ටීරියා අවදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1286 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site