
(සුජිත් හේවාජුලිගේ)
පාතාල නායක ගනේ මුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඉෂාරා සෙව්වන්ති නමැති සැකකාරියගේ මව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී හෘදයාබාධයකින් මියගොස් ඇතැයි වාර්තාවේ.
ඇයද එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියාය.
ඉෂාරා සෙව්වන්දී නමැත්තිය මෙම ඝාතනය සිදුවී මාස පහකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් අත් අඩංගුවට ගැනීමට හැකිවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලකන්නි ආණ්ඩුව අහිංසක මිනිස්සු හිරේ දාන්නේ කිසිම හේතුවක් නැතිව, නාවලපිටියේ මුස්ලිම් කොල්ලෙක් මාස 9ක් හිරේ තියන් හිටියා සාක්ෂි තියෙනවා කියලා..., දැන් සාක්ෂි නැහැලු. අර මැරුණු අහිංසක මනුස්සයා හිරේ දැම්මේ දුව අපරාධයකට සැක කළා කියලා, එහෙම මැරෙන්න වෙන එක කොයි තරම් අවාසනාවක්ද, කුරීරුද?
මේ ආණ්ඩුව කරන්නේ මොනවාද කියලා ඒ අයටම තේරෙන්නේ නෑ. මේක දැන් පාතාල ලෝකයක් වෙලා. මෙච්චර අපරාධ කලින් වුනේ නෑ. ආරක්ෂක අංශ දක්ෂ වුණාට ඒවා මෙහෙය වන්නා අදක්ෂයෙක් වුනොත් වැඩේ කෙරෙන්නේ නෑ. මේ ආරක්ෂක ඇමැති මුලින්ම මාරු කරන්න ඕනේ. එයාගේ කයිය විතරයි. කරපු එකම සාර්ථක වැඩක් නෑ. තවත් තියාගෙන ඉන්නවා. මෙයා නිසා තමයි දවසක npp කෙලවාගන්නේ මහින්දානන්ද කෙළියා වගේ. රටේ මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තුවක් තමයි මේ මහජන ආරක්ෂක ඇමැති පන්නලා වැඩක් කරන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක් මේකට පත්කිරීම. අපි හිතුවා පාතාලය, කුඩ්ඩෝ සුන්කරලා දායි කියලා මාසෙන් දෙකෙන්... ඇමැති ගහපු කයිවාරු වල හැටියට. කොච්චර වෙඩි තැබීම් වෙනවාද දැන්... ඇමැතිට වගේ වගක් නෑ... මිනිස්සු මරණ බයේ.
කව්ද මේ ගුණරත්න කියන්නේ? ඔහෙලාගේ ආණ්ඩු බෝකරපු මැර සහ හොරු නිසා වෙන වැඩ තමයි හලෝ ඕවා. මොලේ නැත්නං කට වහගෙන ඉන්න.
හරිම පහත් වැඩක් කරේ. අල්ලගන්න බැරි නම් නිකන් ඉන්න ඕනේ... පවුලේ සාමාජිකයන් ගාවාගන්න එපා... කැතයි.
සුදුවෑන්, ඝාතන, අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු, රටේ යුක්තිය නීතිය සාධාරනය විනාශ කරපු හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රටේ ජීවත්වීම පවා බලලෝභී, බඩගෝස්තරවාදී දූශිත පවුල් පාලනේ අය එපා කෙරෙව්වා. ජනතා අරගලයක් තුළින් දූෂිත පාලකයෝ පන්නා දැම්මේ ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු එකේ හොන්දකමට වෙන්ඩැති?
මිනිසුන් හිරේ යනකම් බලන්න ජාතියක් බවට අපි අද පත්වෙලා! වරද කොතැනද? නීතිය යාවත්කාලීන විය යුතුයි! මොනවා වුනත් වැරැදි කරා හෝ නොකලා ලංකාවේ සිරකරුවන්ට බන්ධනාගාර තුළ අවම පහසුකම් හෝ මානුෂික තත්ත්වයක් නොමැත! මනුෂ්‍යයින් මෙලෙස අසාධාරණ දුක්ඛිත ඉරණමක් අත්විය යනු යුක්තිය සමාන නොමැත! වරදවල් දෙකක් සාධාරණ නිවැරැදි කිරීමක් වන්නේ නැත!
මාස 5ක් ඇය රඳවාගෙන මොනවද ලබාගත් තොරතුරු? දැන් මේක අලුත් සෙල්ලමක් වෙලා. රටින් පැනයාමට නොහැකි ප්‍රසිද්ද උදවියත්, විශේෂයෙන්ම විපකශයේ නම් මොන හේතුවක් මත හෝ නිකං අත්අඩංගුවට ගෙන රඳවාගෙන පීඩාකිරීමත් දැන් මේ රජය හඳුන්වා දුන් සම්ප්‍රදායක් වෙලා. ඉතිං නඩු අහලා අවශ්‍ය නම් රජය කැමැති ලෙස හෝ තීන්දුවක් ලබාදීම වෙනම කතාවක්. සෙව්වන්දිගේ මව වෙනුවෙන් රජය අනිවාර්‍යෙන්ම වගකිව යුතුයි.
මොන තරම් අපරාධයක්ද කරලා තියෙන්නේ?
දැන්වත් එළියට එයිද දන්නේ නෑ?
මම මාලිමා රජය ගැන සතුටක් නැහැ. කට කයිවාරු විතරයි. ගොඩක් වෙලාවට කෙරෙන්නේ. නමුත් ඇත්ත නැත්ත දන්නේ නැතුවාට සෙව්වන්දිගේ අම්මා සහ මල්ලී දෙන්නත් ඇයට උදව් දුන්නු බව නම් කියැවුණා මතකයි. පිස්තෝලය පොතක් අස්සේ හංගලා දුන්නේ මල්ලී නිසා ඔහුටත් මුදල් ලැබුණු බව කියැවුණා. අම්මා මොකද කරේ කියලා නම් හරියට මතක නෑ. ඒ අය ඇත්තටම උදව් කළා නම් වැරැදියි. නමුත් නිකම්ම රඳවා ගෙන සිටීමෙන් මේ රජයත් පරණ ඒවා ගානමට වැටුණා. විශේෂයෙන්ම ඇමතිගේ සහ නියෝජ්‍ය ඇමතිගේ නොහැකියාව නිසා මේ රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්න ඇතිවෙන්නේ.
මෙතන සෙට් එකක් ඉන්නවා... ඇත්ත තත්ත්වය පිළිබඳව හොඳටම දන්නා, නමුත් කතාව ගිය සතියේ එන්ගලන්තයේ ඉඳලා ලංකාවට ආවා වගේ, නිකන් බොරුවට රඟපානවා. ඒ වගේම ආන්ඩුවට උපදෙස් දෙන්නත් පටන් අරගෙන. මාර ආතල් එකක් දෙන්නේ. මැරුණු අම්මට නිවන්සුව පතමු. දරුවන් මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙන්න ඉස්සර දෙවරක් හිතන්න ඕනෑ.
මේ මනුස්සයාගේ ගිණුම් හරහා තමයි දුව ගනුදෙනු කරලා තියෙන්නේ. මේකට දුක්වෙන අයට කියන්න තියෙන්නේ, අර වයසක ඩේසි ආච්චි අල්ලාගෙන කරපු කලුසල්ලි ජාවාරම ගැන ඇත්ත කියලා ඒ නාකි මනුස්සයා උසාවි ගානේ රස්තියාදුව නතර කරන්න කියලා, නීතියට වයස අසරණකම බලන්න බැහැ... පතාලයට අහිංසක මව ගාවගත්ත එකට දොස් තියන්න පැකිලෙනවා. හැබැයි පාතාලය හිස ඔසවනවා කියලා මේවායේ වැලලෙනවා...
පොහොට්ටුවේ අපි ඔක්කෝම මේවාට විරුද්ධව පාරට බහින්න ඕනෑ...
අම්මාට ඔය ඉරණම අත්වෙන්න මුල්වුණේ දුවගේ කල්කිරියාව. හිතාගන්න බැහැ අම්මා දූව හරියට හදා ගත්තේ නැද්ද? එහෙම නැත්නම් දුව කොහෝමවත් හදන්න බැරි එකියක්ද, එහෙමත් නැතිනම් සල්ලි දැක්කාම අම්මත් දුව එක්ක කැමැත්තෙන්ම මේවාට එකතු වුණාද කියලා...
මෙතන මට බැනලා ඉන්න උන්ට කියන්නේ, දේශපාලනය නිසා සාධාරණය ගැන අන්ධයෝ වගේ නොසලකා හරින එකෙන් දවසක උඹලාටත් විඳවන්න වෙනවා. පොලිස්සියේ ඇමති තුමා එදා ලජ්ජාවෙන් වියරු වෙලා අහිංසකයෙක්ට ප්‍රසිද්ධියේ බූරුවා කියල ගරහාලා ඒ මනුස්සයාට රස්සාව නැති කළා. පොලිස්සියත් සාක්ෂි මවලා අධිකරණයක නොමග යැවූ අවස්ථා ගැන ඕන තරම් අපි අහල තියෙනවා. දවස් දෙක තුනකට කලින් පත්තරෙත් එහෙම ප්‍රවෘත්තියක් තිබුන. එක අහිංසකයෙක් හිරේ ඉන්නවාට වඩා වැරදිකාරයො දාහක් එළියේ නිදැල්ලේ ඉන්න එක හොඳයි කියන්නේ යුක්ති ධර්මය ගැන විශ්වාස කරන මිනිස්සු ඉන්න සමාජ වල එහෙම නැතිව සාධාරණත්වය නෙවෙයි තමන්ගේ පක්ෂේ නායකයාගේ නම වැදගත් කියල හිතන සමාජ වල නෙවෙයි.
සංජීව ගාථනයට කිසියම් ලෙසකින් සම්බන්ධයක් නැති අහිංසක මවක් සිරකර තැබීමම මහත් බලවත් අපරාධයක්. ගොඩක් දුරට ඇය මිය යන්න ඇත්තේ හිතේ අමාරුව නිසා හටගත් හර්ද රෝගයක් නිසා බොහෝ දුරට වෙන්න පුළුවන්. සංජීවගේ මව අත්අඩංගුවට ගත්තේ සංජීවනීව මෙලොවට බිහි කල වරදට ?