
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැත්තෑවක් පමණ වයස ගණකාධිකාරීවරයෙකු ට අයත් ඉඩමක් මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් ඇතුළු කණ්ඩායමක් එම ගණකාධිකාරීවරයා වෑන් රථයක දමා ගෙන බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඔහුගේ ගිණුමේ තිබූ රුපියල්1,500,000මුදලක් බලහත්කාරයෙන් එම කණ්ඩායමේ සිටි කාන්තාවගේ ගිණුමට බැර කර ගෙන ඔහු මුදා හැර පලාගොස් ඇතැයිකෝපායි පොලිසිය පවසයි.
ගණකාධිකාරීවරයා පසුව මේ බව කෝපායි පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම කණ්ඩායමට නායකත්වය දුන් බව කියන කාන්තාව හඳුනා ගෙන ඇතැයිද පොලිසිය පවසයි.
මෙම ගණකාධිකාරීවරයා ට අයත් ඉඩමක් විකිණීමට තිබෙන බව දැනගෙනකාන්තාවක් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් පැමිණ මෙවැන්නක් සිදු කර ඇති බව බවද පොලිසිය සඳහන් කරයි.
කෝපායි පොලිසිය කාන්තාව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණකාධිකාරිවරයා බලෙන් පැහැරගෙන ගිණුමට සුද්දයක් දීලා