IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව අගෝ. 30 දාට කල්යයි

( තිළිණි ද සිල්වා )

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති ප‍්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම ලබන අගෝස්තු 30 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය.

ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අවසර ලබාදීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් තමන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවූ අතර පෙත්සම් විභාගය අවසන් කරමින් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

එතෙක් මෙම සිද්ධිය පිළිබඳ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් දැනට නිකුත් කර ඇති අතුරු නියෝගය ද  ලබන අගෝස්තු 30 දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පසුගිය රජය සමයේ ගාලූ වරායේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් කියා සිටින්නේ එම නඩුව පවරා ඇති ආකාරය නීතිවිරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප‍්‍රතික්ෂේප කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටී.

මේ හේතුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කර ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා ඇත.



අදහස් (4)

ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව අගෝ. 30 දාට කල්යයි

Jaya Friday, 26 July 2019 01:50 PM

බැලු බැල්මට මේවා සියල්ල දේශපාලන නඩු. වංචා හා දුෂණ නඩු වේ. තමන්ගේ විරුද්දවාදියෙක් නම් ඕනෑතරම් නඩු දානවා. හිතවාදියෙක් නම් නඩු අහනවා කෙසේ වෙතත් ඇමති පට්ටමකුත් දෙනවා. මේ නඩුවලට කිසිම සමාජ වටිනාකමක් නැත්තෙ මේ නිසයි.

:       116       52

lionSaturday, 27 July 2019 12:36 AM

ජය මොනවද ඔය ඔයා කියන කතා. බොරු නඩුවක්ද? ඇත්ත නඩුවක්ද? කියලා පෙන්නන්න ඔච්චර බය මොකද? ආණ්ඩුවේ සල්ලිවලින් දෙමව්පියන්ගේ සොහොන් හදන්න පුලුවන්ද? කෝටි ගණන් මේවට වියදම් කරලා තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. ජනාධිපතිට ඉල්ලන කෙනෙක්ට මේවගේ වැඩ කරන්න පුලුවන්ද? අර ෆොන්සේකා මහත්තයා වගේ නඩුවලට පෙනී සිටලා තමන් නිර්දෝෂයි කියලා පෙන්නන්න ඕනේ. නඩු කල්දාන්න දාන්න මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙනවා.

:       0       134

Chanak los angeles Saturday, 27 July 2019 06:14 AM

අපි අහන්නේ මේ කෞතුකාගාර චෝදනාවට ඉදිරිපත් වී තමා වරදක් කරනැතිනම් ඒ බව ඔප්පුකර නිර්දෝෂී භාවය රටට පෙන්වීමද කළ යුත්තේ එහෙම නැතිව මේ නඩුව අහන්න බලයක් නොමැත කියා අධිකරණ නියෝගයක් ලබාගෙන මම නිර්දෝෂී කියා රටට පෙන්වීමද කළ යුත්තේ කියලයි. හැබැයි නිර්දෝෂී බව ඔප්පු නොකර අධිකරණ නියෝග ගන්න වෙරදරන මොහුට අබසරණම තමයි...

:       0       130

lion Saturday, 27 July 2019 10:05 AM

මෙරට විනාශකර ඇති අවුරුදු 70ක් නිදහස ලැබිලා. ඔය පක්ෂවල හිටපු දේශපාලකයන් ඔක්කොම පොහොසත් වුණා. රටේ මිනිස්සු දුප්පතුන් වුණා. ඔන්න ඕකයි ඇත්ත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site