
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග පැවැසුවේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජාධානි සංචාරය සහ එහිදී රාජ්‍ය අරමුදල් අවභාවිත වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්න මදුරුවෙක් මරන්න තරම්වත් හදල නෑනේ. ඒ හින්ද බයවෙන්න කිසිම හේතුවක් නෑ. තිස්තුන් කෝටියක් දෙයියෝම රැකදෙන්න ඕන.
ගෝඨා හරිම කරුණාවන්තයි. වෙන ඕනෑම නායකයෙක් මේ පාදඩයන්ව මරලා දායි. ජනතා විමුක්ති පෙරමුණ පෙන්නනවා ඒවා කොච්චර හිස්ද බොරුද කියලා.
බලු වැඩ කරපු අමන බල්ලන්ට මිනිස්සුන්ගේ සාපෙයන් හා දෙවියන්ගේ කෝපයෙන් ගැලවීමක් නැත.
විජලනය හදාගෙන රෝහල්ගත වුනොත්... එකක්වත් ඕනේ නෑ.
ගෝඨාට නම් තව කල් තියෙනවා, සමන්ට නම් බිරිඳ සහ දරුවන් සිප සනසලා එන්න වෙයි, වැලිකඩ බෝඩිමේ කාමරයක් පදිංචි වෙන්න.
එතකොට රට බංකොළොත් කරපු එකටයි, අනිත් අගල්වල අයටයි කරපු හිරිහැරවලට මුකුත් නැද්ද?