IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගෝඨා ගොනු කළ රීට් පෙත්සම් විභාගය කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 7කට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම මේ මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය.
 
මෙම පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා තමන්ට නොතීසි නොලැබුණු බව පැවසීය.
 
එහෙත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තමන් නොතීසි නිකුත් කළ බවයි. එය කූරියර් තැපෑල ඔස්සේ වගඋත්තරකරුවන්ට යැවූ බවද ජනාධිපති නීතීඥවරයා කියා සිටියේය.
 
ඒ අනුව නීතීපතිට යළි නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අධිකරණය  පෙත්සම මෙම මස 26 දින සලකා බැලීමට දින නියම කළේය.
 
මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම්. එස්. කේ. බී. විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
නීතීඥ සහන් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සලකා බලා එය ප්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ.
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද , මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (11)

ගෝඨා ගොනු කළ රීට් පෙත්සම් විභාගය කල් යයි

sirimal Tuesday, 12 March 2019 11:10 AM

ඔහොම යමු. තව නඩු වාර කීයද කල් දාගන්න ඕනෑ. නඩුවට මුහුණ නොදී කල් දාගන්න කරන උප්පරවට්ටියෙන් පෙනෙන්නේ මෙතන මොකක් හෝ වරදක් කරලා තියෙන බව වත්ද?

:       814       1763

Upul Tuesday, 12 March 2019 11:49 AM

අනේ මෙවැනි අය නේද නැවත බලයට පොරකන්නේ? හේතුව ඔබට වැටහිය යුතුය

:       28       784

පිටිගල මිලානෝ Tuesday, 12 March 2019 12:34 PM

මෙහෙම බය කෙනෙක්ද යුද්ධය දින්නා කියන්නේ. ෆොන්සේකාගේ පළාතකින්වත් තියන්න බැහැනේ. ජනාධිපති පුටුවේ වාඩි කලොත් පැනලා දුවයි වගේ මට නම් පෙනෙන්නේ. නිර්භීතකම රනිල්ගෙන් වත් ඉගෙනගන්නකෝ.

:       425       542

ධනුෂ්ක Tuesday, 12 March 2019 02:08 PM

අපේ රටේ අපි මෙතෙක් පත් කර ගත් සියළු ජනාධිපතිවරු බොහෝ දුරට පත් වීමට කලින් චරිතය එතරම් කැත කර ගත් අය නොවේ. හැබැයි ගොඩක් අය ධූරයට සමුදුන්නේ මඩ තවරගෙන. හැබැයි මෙවර ජනාධිපති වෙන්නත් කලින් එහෙම චරිතය කැත කරගත්ත කෙනෙක්ට රට බාර දෙනවා කියන්නේ නරියට කුකුල්ලු බාර දෙනවා වගේ වැඩක්

:       354       1335

sandy123Tuesday, 12 March 2019 03:42 PM

යතාර්ථවාදී අදහසක්.

:       0       631

Chanak los angelesWednesday, 13 March 2019 01:12 AM

මේවා බමුණන්ට නොතේරෙන එකනේ පුදුමේ කියන්නේ ..

:       0       1

Hafeel Tuesday, 12 March 2019 04:46 PM

නාම යෝජනා බාර දීමෙන් අනතුරුව විරෝධතාවයට පැයක් දෙනවා. මෙහෙම ගියොත් ඒකටත් නඩුවක් ගොනු කරාවි තමාට එරෙහිව විරෝධතාව මතු කරන්න එපායි කියල.

:       0       54

Chanak Los angeles Tuesday, 12 March 2019 07:13 PM

බලය නොමැතිවත් මෙලෙස නීතියට අභියෝග කරනවානම් බලයේ සිටිය කාලේ කොහොම කරලා ඇතිද ?

:       0       35

Don Wednesday, 13 March 2019 03:12 AM

මේවා අහන නඩු නෙවෙයි කියන නඩු. අවුරුදු දහයක්වත් යාවි.

:       0       34

vidya Wednesday, 13 March 2019 03:17 AM

යුද්දේ කළා වගේ කෙලින් ඉඳල ඔය නඩුවට ඉදිරිපත්වෙලා නිවැරදි බව පෙන්වන්න. රිටි වලින් ඇන ඇන ඉන්නේ නැතිව.

:       0       32

Sehan Wednesday, 13 March 2019 06:30 AM

අත්අඩංගුවට නොගන්න, තමන්ට විරුද්ධව නඩු නොදා ඉන්න කියල උසාවි නියෝග ලබාගන්න පුළුවන් වෙන්නේ කොහොම හරි සල්ලි හම්බ කරගත් සල්ලි තියෙන නිසා අහිංසක දුප්පතුන් අහක යන නඩුවලටත් ණය වෙලා පෙරකදෝරුවන් ගානේ රස්තියාදුවෙලා හෙම්බත් වෙනවා. මොවුන්ට නීතියෙන් බේරුනාට දෙවියන්ගේ දඩුවමින් බේරෙන්න නොලැබේවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site