(අංජුල මහික වීරරත්න)
"ගෝඨා ගෝ ගම" අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් තරුණ තරුණියන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බවත් එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ තරුණ කණ්ඩායම් වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අවස්ථාව ලබාදෙනු ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කියයි.
"ගෝඨා ගෝ ගම" අරගලකරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර අදහස් හා යෝජනා ලබා ගැනීමෙි කාර්ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා වෙත පැවරූ රාජකාරි වලින් එක් වැදගත් වගකීමක් බවත් පළමුව තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වෙමින් පවතින ගැටළු අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ අතර එතුමාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙනයාම වෙනුවෙන් මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින් කාලෝචිත හා වැදගත් අදහස්, යෝජනා ඉදිරිපත් කරන ලෙස රට පුරා සිටින සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද අරගලයේ අරමුණු ජයගැනීමට හැකි වෙිවායි ප්‍රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තරුණ තරුණියන් විතරද ඔතැන ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ? ඇයි දැක්කෙ නැද්ද විවිධ වයස්වල, ආගම්, ජාති වලට අයත් විවිධ රැකියා කරන මිනිස්සු ඇවිත් ඉන්නවා...
තවත් කාලය කා දමන වැඩක්. අරගලයේ එකම අරමුණ ගෝඨා ගෙදර යවන එක.
ගෝඨාගමෙන් කින්නේ මුලු රටේම ඉල්ලීම.. අපි ඔක්කොම දින 50ක් තිස්සේ කියන දේවල් මේ අගමැතිට අහුවුණේම නැහැ කියලද මේ කියන්නේ? දවස් 50ක් කියද්දී ඇහුණේ නැති දේ වෙබ් එකේ දාපුවාමද බලන්නේ..? ඒකෙන්ම පේනවා නේද මෙයාලා ජනතා හඬට කොතරම් සංවේදීද කියලා..? මෙයා කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්..
ඕකට එන අදහස් ප්‍රසිද්ධ කරන්න තරම් සුදුසු ඒවා වෙන එකක් නම් නැහැ.
ගෝඨාභය ගෙදර, මේ අය අව්වට, වැස්සට තෙමි තෙමී මහ පාරේ. අන්තිමට බලනකොට විෂ්ණු දෙවියෝ බටකොළ කෑවා වගේ වැඩක් මේ අයට වෙන්නේ. මහා ජෙප්පන්ගේ පව් මේ අය ගෙවනවා. ඒත් කමක් නැහැ. පිනට කන්න ලැබෙනවනේ නේද මචන්ලා..?