(ජේ.කේ.එල්. චාමින්ද)
ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින් ගලේවෙල ප්‍රා දේශිය සභාවට සහ ඒ අවට පොදු භුමියට සිදුවන ගංවතුර හානිය වලක්වාගැනිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් 43,297,181 වැයකොට ගලේවල මහජන ක්‍රිඩාංගනය හා ප්‍රේක්ෂකාගාරය අලුත්වැඩියා කළද මෙකි ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුවි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙය ආපදා සදහා ප්‍රතිචාර දැක්විමේ සුරක්ෂිත සහන මධ්‍යස්ථානයක් ලෙස අලුත්වැඩියා සිදුකළ ද ඊට අවශ්‍ය කිසිදු පහසුකමක් එහි නොතිබුණි. මේ සදහා රුපියල් 2,032,633ක් වැය කර මිලදි ගෙන තිබු යන්ත්‍ර හා උපකරණ වලින් නැවත භාවිතා කළහැකි රුපියල් 1,316,948 වටිනා යන්ත්‍ර හා උපකරණ ගලේවෙල ප්‍රා දේශිය සභාවට හෝ ආපදා කළමණාකරණ දිස්ත්‍රික් ඒකකයට භාරදි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ සම්බන්දයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට කිසිවක් සදහන් කොට නොතිබුණි.
ආපදා අවම කිරිම සදහා වෙන්කළ ප්‍රතිපාදන මුදල් පලදායි ලෙස ප්‍රසම්පාදන කටයුතු සිදුකර අපේක්ෂිත අරමුණු ලගාකරගැනිම සදහා මධ්‍යස්ථානය විසින් නිසි අධික්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා