(රොමේෂ් මධූෂංඛ)
යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති අයෙකි.
එම පුද්ගලයාගේ කණට යටින් වූ ස්ථානයකට මෙම ද්ෂ්ඨ කිරීම සිදුකොට ඇති අතර කෘමියා දෂ්ඨ කරන ලද ස්ථානයේ අධික වේදනාවක් ඇතිවීම හේතුවෙන් එදිනම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වී ඇත.
කෙසේ වෙතත් දෂ්ඨ කරන ලද්දේ කෘමියෙකු බවට රෝගියා විසින් පවසා ඇතත් කුමන වර්ගයේ කෘමියෙක්දැයි යන්න රෝගියාට හඳුනාගැනීමට නොහැකි වී ඇත.
මේ අතරවාරියේදී ඊයේ දින අදාල රෝගයාගේ වේදනාව බරපතල වී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී මිය ගොස් ඇත.
තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.
ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය.
ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි