
(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසක කුරුළු කූඩුවක් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමගින් එම නිවසේ හිමිකරු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.
කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී හේවගේ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවිය පිලිබදව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
අදාල ගිනි අවිය යම් අපරාධයක් සදහා යොදා ගත් ගිනි අවියක් ද කුලි පදනම මත ඝාතන හෝ සොරකම් සදහා ලබා දුන්නා ද වෙනත් ඝාතනයක් සදහා සඟවා සිටියාද යන්න වැඩි දුරටත් පරීක්ෂණ පැවැත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd