(ජනුර් කිචිලාන්)

රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන් 108 කු අතරින් පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තර 12 දෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බව  තහවුරු වී ඇත.

එම රියැදුරන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතා පැවසීිය.

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය, කුරුණැගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය සහ කුරුණෑගල කොට්ඨාශයේ රථවාහන අංශයේ නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ.