
(සුජිත් හේවාජූලිගේ)
කුමාර් ගුණරත්නම් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස නැවතත් පත් කෙරිණ.
සේනාධීර ගුණතිලක සංවිධායක ලේකම් ලෙසත් පුබුදු ජයගොඩ අධ්‍යාපන ලේකම් ලෙසත් චමීර කොස්වත්ත ප්රචාරක ලේකම් ලෙසත් දුමින්ද නාගමුව බහුජන ලේකම් ලෙසත් රවීන්ද්‍ර මුදලිගේ පාලක ලේකම් ලෙසත් විමල් වත්තුහේවා මුදල් ලේකම් ලෙසත් පත්වූහ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව නුගේගොඩ එහි ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී ඊයේ (2) පෙරවරුවේ රැස්වි නිලධාරී මණ්ඩලය මෙසේ පත් කර ගනු ලැබීය.
කුමාර් ගුණරත්නම්, සේනාධීර ගුණතිලක, පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත, දුමින්ද නාගමුව, රවීන්ද්‍ර මුදලිගේ, රංජිත් ශාන්ත සහ චන්ද්‍රසිරි ලන්දගේ ඊයේ තෝරා පත් කර ගනු ලැබූ එහි දේශපාලන මණ්ඩල සාමාජිකයෝ වෙති.
එම පක්ෂය පත්කිරීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඊයේම දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd