IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කුඩු සිද්ධියට ගෑවුණු විදුහල්පතිගේ වැඩ තහනම්

(උපාලි ආනන්ද)

හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇත්තේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව යාය 10 ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය නැමැත්තාගේය.

සැකකාර විදුහල්පතිවරයා මීට පෙර තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ සැකකරු දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසය.

ඒ අනුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා ලබන 12 වැනිදා යළි තමුුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

කුඩු සිද්ධියට ගෑවුණු විදුහල්පතිගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 297 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site