
(යොහාන් භාසුර)
සිංහල සිනමාවේ ප්‍රවීණතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ගුණතුංග මහත්මිය 86 වැනි වියේ පසුවූවාය
ඇය 1960 වසරේ විවාහ වීමෙන් පසුව විදේශගත වූ අතර පසුව නැවතත් මෙරටට පැමිණ රංගනයට එක් වූවාය.
'සුරංගනී' චිත්‍රපටයෙන් රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, සූරයා, සන්දේශය, වන මෝහිනී සහ සැලමුතු පින්න ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිනියකි.
ඇය පසුව ටෙලි නාට්‍ය රංගනයටද එක්වෙමින් ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...
අතිදක්ෂ නිළියක්...
අති දක්ෂ නිළියක් වනමෝහිනී චිත්‍රපටිය හරිම ලස්සනට කළා.. ඔබට නිවන් සුව පතනවා.
තවමත් අපට ඇගේ දක්ෂතා සිහිපත් කළ හැකිය!
ඔබට නිවන් සුව
නිවන් සුව අත්වේවා !