(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

කතාවට පමණක් සීමා නොකර සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කරන ගමනක් වෙනුවෙන් පෙළ ගැසෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ කාන්තා දින සමරුව අමතමින් පැවසීය.

කාන්තා අයිතිය එක් දිනයකට සීමා නොකර දවස් 365ම කාන්තා අයිතිය ජයග්‍රහණය කරවන රටක් හැදීමට කැපවිය යුතු බවද විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජගත් කාන්තා දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය හා සමගි වනිතා බලවේගය විසින් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිනි.

පුරුෂ පාර්ශ්වය හා සංසන්දනය කරන විට වඩාත් වගකීමෙන් දූදරුවන් රැකබලා ගෙන පවුලේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් ඉතිරි කර පවුල ශක්තිමත් කරන්න ආයෝජනය කරමින් වැදගත් කාර්ය ඉටු කරන්නේ කාන්තාව බවත් මේ යුදමය තත්ත්වය තුළ දුප්පත්කම ඉහළයාමේ අවදානමක් ඇති බවත් ජීවනෝපාය පවා අහිමිවීමේ අවදානමක් ඇති බවත් ඊට අමතරව බඩුමිල වැඩි වී ජීවන බර වැඩි වීමේ බරපතල ඛෙදවාචකයක් ඇති වී අම්මා ඇතුළු කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු සෝබනකාරී නාට්‍ය වෙනුවට සැබවින්ට කාන්තාව සවිබල ගන්වන ගමනක් යමු යැයි විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.