(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය.
එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල එම ඉලක්කය ඕවර 44.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
මෙය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී හඹාගොස් ජය ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ පළමු සහ එකම අවස්ථාව ද මෙය වේ.
ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් පිල 2012 වසරේ නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් හඹාගොස් ජය ලැබීම මීට පෙර හඹාගොස් ජය ලැබීමේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
මෙහිදී ශ්‍රී ලංකා පිල රැස්කළ ලකුණු 305 ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර දකුණු අප්‍රිකාව 2017 වසරේ එංගලනත්යට එරෙහිව ලකුණු 374 ක් රැස්කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.
මෙහිදී ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය එක්දින ක්‍රිකට් සිටියේ ඉහළතම ඉනිමක ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරිගේ මෙම ලකුණු 195 ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්තයේ අමීලියා කීර් (නොදැවී 232) සහ ඕස්ට්‍රේලියාවේ බෙලින්දා ක්ලාක් (නොදැවී 229) පමණක් චමරිට ඉදිරියෙන් සිටිති.
චමරි පන්දු 139 කදී හතරේ පහර 26 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 195 රැස්කළ අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය චමරි හයේ පහරකින් සටහන් කිීම ද මෙහිදී කැපී පෙනුණි.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්වති එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.
හෝමාගම හරිත සරසවියේ සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙ
‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.
ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.
මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුත
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
Senarath Friday, 19 April 2024 09:40 AM
ඔබ සැමට අපේ සුබ පැතුම් අපරාදේ චමරිට 200 මිස්වුණේ