
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීම පසුවට කල් දමා ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් පසු එය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බවට දැනුම් දී ඇති බවයි.
මේ අනුව සභාවේ අවසරය ඇතිව එම පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය වසරේ නොවැම්බර් මස 26 වැනිදා ඉදිරිපත් කෙරිණ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට අදාළ විධිවිධාන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd