IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුල දී පුද්ගලයෙකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කොළඹ 12 සවුන්ඩෙන් ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද ඩිල්ශාන් නැමැති 20 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධනුක නමැත්තා ගේ ගෝලයකු බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා මිතුරන් කිහිපදෙනකු සමඟ ආහාර ගැනීම සඳහා පැමිණ හෝටලය ඉදිරිපිට රැඳී සිටියදී ඒ ආසන්නයේ නැවැත් වූ යතුරු පැදියකින් පැමිණි අයකු ගිනි අවියක් රැගෙන ඔහු වෙත දිව ඒමත් සමගම මියගිය පුද්ගලයා සහ මිතුරන් පිරිස සීසීකඩ දිව ගොස් තිබූ අතර මියගිය පුද්ගලයා හෝටය තුළට දිව ගෙන යාමේදී පසුපස හඹා පැමිණි වෙඩික්කරුවකු වෙඩි තබා පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

වෙඩි වැදී ඇත්තේ ඔහුගේ හිස ප්‍රදේශයට බව පොලීසිය සඳහන් කරයි.

-------------------------------------------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කෙසෙල්වත්තේ දී සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (0)

කොළඹ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site