
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය වහාම අකුලා ගන්න යැයි පවසමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද (22) පැවැත්විණි.
‘ජාතියේ හදවත දෙපළු නොකරනු - ඩොලර් මැෂිම රැකගමු’ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ , විවිධ අංශයන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම උද්ගෝෂණය සඳහා සහභාගී වූ අතර දැඩි පොලිස් රැකවල් ද මේ වෙනුවෙන් යොදවා තිබෙන අයුරු දැකගත හැකි විය.
නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සහ කළමනාකරණය කිරීමේ දැනුම ,හැකියාව මෙන්ම සියලු අත්දැකීම් වරාය සේවකයින් සතුවන අතර ඒ වගකීම් සියල්ල ඔවුනටම භාරදීමට රජය වහාම කටයුතු කලයුතු බවත් ඉන්දියානු සමාගමට මෙම පර්යන්තය බදුදීමට එරෙහිව මුළු රටේම ජනතාව පෙළගැස්සීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ ක්‍රියාකාරීහු මෙහිදී පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕනම දෙයක් කරගන්න කියලානේ මේ රජයට 2/3 දුන්නේ තවත් මොනවටද පිකටින් කරන්නේ? එදා කිරිබත් කෑවානේ...
දැන් තමයි කසකාරයෝ පාරට බැස්සේ... තව පොඩ්ඩකින් පෙරහැරත් එයි..!!!
ජය වේවා..!!! ඔබලාට. ප්‍රශ්නය දුරදිග ගෙනියන්න ආණ්ඩුව ලැහැස්ති නම්, අපිත් ලැහැස්තියි. අපේ රටට ඇවිල්ලා ඉන්න හැම ඉන්දියන් කාරයෙක්ටම, හැම චීනෙක්ටම අපේ රටෙන් යන්න කියනවා මුලින්ම. නොගියොත් අපි මෙහෙන් ගහලාම පන්නනවා.
ඉන්දියාව කවදත් අපේ දියුණුව වෙනුවෙන් පැනීසිටියේ නැත. ඔවුන් කොටින්ව පෝසත් කරළ, අපේ රටතුළ අනවශ්‍ය සිවිල් යුද්ධයට මුලපිරුවා. ඒ අපේ දියුණුව නවත්වන්න. 1987 දී ප්‍රභාකරන්ව වඩමාරච්චියේ අපේ හමුදාව කොටුකළා. ඒ මොහොතේ ක්ෂණික ඉන්දියාව මැදිහත් වෙලා එ්ක වළක්වා. කවුරු හරි හිතනවා නම්, ඉන්දියාව අපේ මිතුරුයි කියලා, එ්ක අමූලික බොරුවක්. ඉන්දියාව කවදත් අපේ හතුරා. ඔවුන් බලහත්කාරයෙන් අපිට පළාත් සභාව පැටෙව්වා.. ඉන්දියාව තුළ දුප්පත්කම, නිවාස නැති පවුල්, සෞඛ්‍ය ගැටළු, වැසිකිලි නැති ගෙවල් එවැනි ප්‍රශ්න තියෙද්දීත්, අපේ රටතුළ ඇඟිලි ගහනවා. මෝදි අගමැතිට තවම බැරිවෙලා පංජාප් ප්‍රාන්තයේ ගොවීන්ගේ ගැටළු විසඳන්න.