(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
තරුණ ව්‍යාපාරිකයකු කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් අද (23) දහවල් ඇදවැටීමෙන් මරුමුවට පත්ව ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කමල් එරාන් හේරත් සඳරත්න(47) නැමැති ව්‍යාපාරිකයෙකි.
කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගත්තාදැයි සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොළඹ ව්‍යාපාරිකයෙක් තට්ටු ගොඩනැගිල්ලකින් වැටී මරුට