(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
තරුණ ව්‍යාපාරිකයකු කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් අද (23) දහවල් ඇදවැටීමෙන් මරුමුවට පත්ව ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කමල් එරාන් හේරත් සඳරත්න(47) නැමැති ව්‍යාපාරිකයෙකි.
කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගත්තාදැයි සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd