IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොළඹ මහ නගර සභාවෙන් ඒසී යන්ත්‍රයකට ලක්‍ෂ 4ක වියදමක්

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 4ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය.

කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේ මහ සභා රැස්වීමේදී රෝයි බෝගහවත්ත මහතා එසේ පැවසීය.

වායු සමීකරණ යන්ත්‍ර සහ ශබ්ද විකාශන උපකරණ ඇතුළු උපකරණ සඳහා මාසිකරැස්වීමක් වෙනුවෙන් ලක්‍ෂ ගණනක මුදලක් වැයකරන බවත් තව දුරටත් එම මුදල් නාස්තිය නොකර නගර සභාවේ මුදලින් එම උපකරණ මිලදීගැනීමට කටයුතු කළ යුතු බවත් බෝගහවත්ත මහතා කීය.

වර්තමාන ජාතික ජනබලවේග නගර සභාවේ උප නගරාධිපති හේමන්ත කුමාර මහතා රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධූරය දරණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී වායු සමීකරණ යන්ත්‍ර සඳහා කරන වියදමට විරෝධය දැක්වූ බව කී බෝගහවත්ත මහතා දැන් හේමන්ත මහතාට එම වියදම් කපාහැරීමට කාලය පැමිණ ඇති බව ද සඳහන් කළේය.

එහිදී නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සහ උප නගරාධිපති හේමනත් කුමාර මහතා පැවසුවේ තමන් පාලනය භාරගත්තා පමණක් බවත් එම වියදම් කපා හැරීමට බලාපොරොත්තුව වන බවත්ය. 



අදහස් (3)

කොළඹ මහ නගර සභාවෙන් ඒසී යන්ත්‍රයකට ලක්‍ෂ 4ක වියදමක්

Achini Friday, 27 June 2025 11:37 PM

කළින් කිව්වේ නැත්තේ තමන්ගේ කට්ටිය ඉන්දද?

:       0       0

Jayantha Saturday, 28 June 2025 07:57 AM

අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඉවසන්න බොස් වැඩේ කරන්න.

:       0       0

අරවින්ද මොණරවිල Saturday, 28 June 2025 09:06 AM

මේච්චර කාලයක් කොළඹ මහ නගර සභාව පාලනය කෙරුවේ ඒ.ජා.ප.යයි. ඒ කියන්නේ ස.ජ.බේ මවු පක්ෂයයි. රෝසිව සහ.ජ.බ.ට ගන්නත් සජිත් උත්සාහ කෙරුවා. ඒ නිසා දැන් ඒ.සී ගැනලා කියලා ඔබලා වැළලෙන්න හදන්න එපා.. ජාතික ජනබල වේගයේ පාලනයක් හැදුවේ වංචාව, දූෂණය නාස්තිය සියල්ල නතර කරන්න තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site