IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ මිල්ටරි කඳවුරක් වෙලා

(යොහාන් භාසුර)

කොළඹ නරගය අද වන විට මිලිටරි කඳවුරක් ස්වරූපයට පත්වීම ප්‍රජාන්ත්වාදී රටකට ගැලපෙන වාතාවරණයක් නොවන බවත් ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් මිලිටරි තත්වය මීට වඩා දස ගුණයකින් වැඩි වන බවත් ’නිදහස් ජනතා සංධානයේ’ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය.

සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු යැයි පැවසුව ද මිලිටරි කඳවුරක ස්වරූපයකක් තියෙන රටකට සංචාරයන් පැමිණීම කෙසේ වෙතත් රට තුළ සිටින සංචාරකයන් ද බියට පත්ව පැන යන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රතිත්‍රස්ත පනත හරහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව අවම වශයෙන් බුක්ති විදිය අයිතිවාසිකම් ද නැති කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.

විපක්‍ෂයේ වැඩපිළිවෙළ අතිශයින් ඵලදායි සහ සාර්ථක බවට පත්වෙමින් ප්‍රතිත්‍රස්ත පනත නතර කිරීමට හැකිවූ බවත් ජනතාවට හිංසාකාරී සහ පීඩාකාරී පනත් වැලැක්වීමට සහ පරාජය කිරීමට විපක්‍ෂය එකතු වීම නිසා ඒවා තාවකාලිකව හෝ නැවැත්වීමට හැකිවූ බවත් ඒ මහතා කීය.

දින නියම කර තිබූ මහ බැංකු පනත සම්බන්ධයෙන් විපක්‍ෂ නායකතුමා ආණ්ඩුවට කථා ආදි ක්‍රියාමාර්ග නිසා එය දින නියමක් නොමැති තත්වයට පත්කිරීමට විපක්‍ෂයට හැකිවූ බව කී මහාචාර්යවරයා පැවසුවේ මහ බැංකුව සමාන්තර වෙනම ආණ්ඩුවක් බවට පත්වීමෙන් වෙනත් ග්‍රහලෝකවල ඉන්න පුද්ගලයන්ට ද ශ්‍රී ලංකාවේ මූල්‍ය තීරණ ගැනීමේ අවස්ථාව එම පනතින් ලැබෙන බවත්ය.

’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධිය පිළිබඳව රජය සහ නීතිපතිතුමා ගෙන එන කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොමැති බවත් ගතයුතු සියලුම පියවර සම්බන්ධයෙන් විපක්‍ෂය වගකීම භාරගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවත් ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (4)

කොළඹ මිල්ටරි කඳවුරක් වෙලා

කිරිපුතා Monday, 15 May 2023 04:30 PM

මෙතුමා උගතෙක් තමයි . හැබැයි ප්‍රායෝගික නෑ. වැඩකට නැති මිනිසුන් ට තම තම අරමුණු ඉෂ්ඨ කරගන්න කැරළි ගහලා රට වට්ටන්න කිසිම රජයක් ඉඩ දිය යුතු නෑ.

:       4       10

Lalla Monday, 15 May 2023 05:12 PM

මතකද ශිරාණිව පන්නලා දාන්න පාර්ලිමේන්තුවේ කටයුතුවල යෙදුන යුගය. තමනුත් හවුල්කාරිත්වය දැරුවා. දැන් පාරවල්වල ඒ වගේ රඟපෑම් මේ ජනපතිගෙන්. වෙනසක් නෑ මහැදුරුතුමෝ....

:       1       4

Sumanadasa Monday, 15 May 2023 11:17 PM

ලංකාවේ අද ඇති නොයෙකුත් ප්‍රශ්න නිසා ඉතාම වැදගත්. අපේ ත්‍රිවිධ හමුදාව කොළඹ නගරය තුළ කරන සේවය, මිනිසාගෙ යහපත සඳහා අපේ හමුදාව කොළඹ නගරය තුළ සිටීම ඉතාමත් වැදගත් සේවයක්, ජී ල්, පීරිස් මහතා වයසක කෙනෙකු නිසා එහෙම කියන්නේ කාට හෝ කඩේ යන නිසා , අපේ හමුදාව අපිට අවස්‍ය්‍ වෙනව අපගේ නිදහස් ජීවිතයට ජයවේවා .

:       0       1

සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:12 AM

අයියෝ මෙයාලා අතන මෙතන කියෝනා ඒවා මේකේ දාන්න එපා. දේශපාලනේට අනවශ්‍ය වැදගත්කමක් දෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site