
(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය කොළඹ නගර මහ සභාවේ නගරාධිපතිවරිය ලෙස අද (16) වැඩි ඡන්දයෙන් තේරීපත්වූවාය.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රී හේමන්ත කුමාර මහතා එම නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස නිරතයෙන් පත්විය.
පසුගිය මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට පත්වූ සභිකයන් 117 කින් යුත් නව සභික මණ්ඩලයේ මංගල රැස්වීම කොළඹ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.
එම රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ජනබලවේගයේ නගරාධිපති ධූර අපේක්‍ෂිකාව වූ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය මන්ත්‍රී ඡන්ද 61 ක් හිමිකරගත් අතර විපක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂකයා වූ සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රීසා සරුක් මහතා ඡන්ද 54 ක් හිමිකරගත්තේය.
ඒ අනුව කැලී බල්තසාර් මෙනෙවිය වැඩි ඡන්ද 7 කින් කොළඹ මහ නගර සභාවේ 28 වැනි නගරාධිපතිවරයා ලෙස තේරීපත්වූවාය.
මෙම මංගල රැස්වීමට එම නගර සභාවේ සභිකයන් 117 ම පැමිණ සිටි අතර නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා එම සභිකයන් අතර රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු අඛණ්ඩව ප්‍රකාශ කිරීම නිසා පැයක පමණ කාලයක් විවාදාත්මක තත්වයක් ඇතිවිය.
ඉන් පසුව පක්‍ෂ සහ විපක්‍ෂ මන්ත්‍රීවරු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එකඟවීමත් සමඟ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය ඡන්දය පැවැත්වීමට පියවර ගත්තාය.
ඒ අනුව මන්ත්‍රීවරු විනාඩි 40 ක පමණ කාලයක් තුළ ඡන්දය ප්‍රකාශ කළ අතර එම ඡන්ද 117 න් ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප කළ අතර ඡන්ද 115 ක් පිළිගත්තේය.
උප නගරාධිපති ධූරයට ජාතික ජනබලවේගයේ මන්ත්‍රී හේමන්ත කුමාර මහතාගේ නම එම පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙපළක් යෝජනා කළ අතර ඒ අනුව සභාවේ ඒකමතික කැමැත්තෙන් හේමන්ත මහතා නිතරගයෙන් උප නගරාධිපති ධුරයට පත්විය.
පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ සභික ධුර 117 න් ජාතික ජනබලවේගය සභික ධූර 48 ක් පමණක් හිමිකරගැනීම නිසා කිසිඳු පක්‍ෂයකට සියයට 50 ක සභික ධූර හිමිනොවීමෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරාගැනීමට සිදුවිය.
(ඡායා ජයමාල් චන්ද්‍රසිරි සහ සුමුදු හේවාපතිරණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්...!
රහස් ඡන්දෙ හොඳට පාවිච්චි කරලා තියෙන පාටයි.
මුජිබර්වත් එක්ක ගන්න.
අඩු වැඩි වශයෙන් එසේමයි. 2/3 බහුතර පාර්ලිමේන්තුවක් තිබීම ජීවන වියදම අඩු කිරීමට හෝ පොදු ජනතාව මත පැටවීමට කිසිදු යහපත් දෙයක් කර නොමැති බැවින් එය කිසිඳු වෙනසක් නොකරයි.
නව නගරාධිපතිනියට සුභ පැතුම් . අතිශය ශුද්ධ වූ NPP එකට, විපක්ෂයේ කිසිම හොරෙකුගේ සහයෝගය නැතුව මේ තනතුරට එන්න හිටියත්, අවසානයේ නරකම හොරු අතරින් ටිකක් හොඳ හොරු කීප දෙනෙකුගේ සහයෝගය ගත්තාට ඉතින් කමක් නෑ. ඒ උනත් අපි මලිමාව. එයාලා නරකම හොරු නෙමෙයි නේ...
හොර පොහොට්ටු,අලි. ,ටෙලිෆෝන්. ,ඇන්ටිජන් කුසලාන. වෙනත්. හොරු. සියල්ලම පරාදයි.
අහෝ mujeee..අහෝ.Sajee.... කොලොන්නාවේ සිරසෙන් රතිඤ්ඤා පත්තු කරනවලු,
මෙතෙක් පැවතී කොළඹ නගර සභා අති දුෂිත සහ නාස්තිකාර ඒවා. අපි, ඔබ යටතේවත් ඇති කොළඹ නගර සභාව, හොඳ සහ ආදර්ශමත් ආයතනක් කරවී කියා බලාපොරොත්තු වෙනවා. සුභ පැතුම්.
නව යුගයක් කර ගමන් කරමු, සුබ පැතුම්...!
සමගියෙන් ඉන්න බැරි අගමැතිකමට වාසනවන්ත නැති සජබ නායකගේ ඔලමොට්ටල වැඩනිසා සිදුවූ දෙයක් කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් මෙම තේරීම ඉතාම හොඳයි. මොකද කිව්වොත් නගර සභාවේ නිලනිවාස වැනි සම්පත් විශාල වශයෙන් නාස්තිවෙලා කියලා පුවත්පත් වාර්තාවල තිබුණා.. නව නගරාධිපතිට නගරය ක්ලීන් කරන්න වාසනාව ලැබේවා...!
හොරුන්ට තනියෙනුත් බැහැ... එකතු වෙලත් බැහැ...
සුබපැතුම්...!
සුබපැතුම් සහෝදරිය NM ගෙන් පසු කොළඹ වමට... පිරිසිදු පාලනයක්, සුන්දර කොළඹක්...
එළිපිට හැමදේටම අභියෝග කරනවා කියන අය හැමෝම අන්තිමේ රහස් ඡන්ද වලට කැමැති වුණා. ජනපතිත් ගේමට බැස්සා, සදාකාලික විපක්ෂ නායකත් ගේමට බැස්සා. හොරු පිරිසිදු වුණා.
එතකොට එහෙනම් කාත් එක්කවත් සංධාන ගහන්නේ නෑ කියපු මාලිමාව විපක්ෂයේ හොරු සෙට් එකක් පගාව දීලා බාගෙන? මරු! ඔහොම යං...!
අවුරුදු 60 ක් රට පාලනය කරලා සුඛිත මුදිත කරපු කට්ටියම ගෙදරටම වෙලා ඉන්න. හොඳටම ඇති කෙරුවා...
ඔන්න නංගී වැඩේ කරලා පෙන්නන්න කට්ටියටම ලොවෙත් නැතිවෙන්න.
නියමයි. සුභාසිංශන. කොළඹ ආකර්ශනීය පුරවරයක් කරන්න ශක්තිය ලැබේවා...!
නමේ හැටියට වෙනත් ග්‍රහලෝකයකින් වත්ද?
ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම්. සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! යහපතක්ම වේවා...! ජයෙන් ජයම වේවා...!
කොළඹ මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය දියුණු කරන්න සෑම කොට්ටාශයකටම ආප්ප කඩය බැගින්.
කම්බ හොරුන්ගෙන් බේරිලා ජාතික ජන බලවේගයේ කැලී බල්සතරී මෙනෙවිය දිනා ගැනීම කොලඹ පුරවරය ලස්සන නගරයක් කරන්න මහඟු අවස්ථාවක්. මොකද ඕකේ හිටපු නෝනා මහත්මිය නම් පැළපදියම් වෙලා හොඳට මුදල් ගසාකාලා රාජපක්ෂ, රනිල් යුගවල ඕකේ පැළපදියම් වෙලා හිටියේ. දැන් කොලඹටත් නියමයි රටටත් නියමයි. ගොඩේ ගොඩ...
වෙනසක් නේද ඉල්ලුවේ... ඔන්න දැන් බලාගන්න...
රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්චි දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඇති. කෑළි කෑළි එකතු කරගෙන බලය අල්ලගන්න හදපු හාල්පාරුවෝ, කිසිම ලැජ්ජාවක්, සදාචාරයක් නැති අය බව රටටම පෙන්නුවා. වහලුන්ට නම් අවුල් වගේ...
අහෝ මුජිබර් ඇතුලු සඡී රනිල් රාජපක්‍ෂ හොර මැර කල්ලියගේ දේශපාලන නාඩගම මේතැනින් අවසන්...!
දැන් ඉතිං ඇන්ඩෘට තියෙන්නේ, යෝගා ඩෝබිත් එක්ක ඉන්න තමයි.
ලොන්ඩරි සේවකයින් ජය පැන් බොනවා. රහස් ඡන්දෙන් දිනුවේ කොහොමද කියලා පසුව හෙළිවේවි. දැනට බොමු.
ඡන්ද දායකයින්ගෙන් වූ අතපසු වීම, මහජන නියෝජිතයන් විසින් නිවැරදි කර ඇත!
88-89 කාලේ මුහුණ ලේන්සුවෙන් බැඳගෙන ඇවිත් ගල් කටස් වලින් වෙඩි තියලා කැලේට වෙලා රහසේ හැංගිලා හිටපු ජවිපෙ කලවැද්දන්ට, රහස් ඡන්දයක් මිස වෙන ඡන්ද තිබිල්ලක් වානා! ප්‍රසිද්ධියේ ඡන්දයක් ප්‍රකාශ කරන්නවත් කොන්ද පණ නැති කාලකන්නි හැතිකරේ...! ඒකටම හරියන කොළඹ නගර සභාවේ කෝමා! පේන්නේ නැත්ද දෙන්නා එක වගේ සාරි ඇඳගෙන ජෝඩු දාලා විරිත්තා ගෙන ඉන්න හැටි !
රහස් ඡන්දෙට පින් සිද්ධ වෙන්න මාලිමාව දිනුවා. ඇයි එයාලා එච්චරම එළිපිට ඡන්දෙට බය වුණේ? හැමදාම කලේ රහසිගත දේශපාලනය තමයි. රහසින් ගේම් දීම. හැබැයි දැන් නටන්න වෙන්නේ එළිපිට.
ස්වාධීන අය තමයි ලොකුම හොරු කියලා කවුදෝ කිව්වදෝ මන්දා
ඔය විපක්සෙයි කියල කට්ටිය එකතුවෙලා විශේෂයෙන්ම ඔය සජබේ සහ පොහොට්ටු කල්ලිය බැලුවේ මෙච්චර කල් කාගෙන කාගෙන ආපු කොළබ නගර සභාව කොහොම හරි එකතුවෙලා හරි අල්ලගන්න. මොකද ඔය තැන සල්ලි ආකාරයක් නිසා. නැතුව මේ මිනිස්සුන්ට සත පහක වත් යහපතක් කරන්න නෙමෙයි. නගර සභාවේ එකතුවෙන සල්ලි ටික ගහ ගන්න. මෙච්චර කල් කලේ ඔය කට්ටිය ඕකෙන් යටිමඩි ගහල තමුන් හැදිච්ච එකයි. ඒකයි ඔය නාකි පප්පෝ ටිකත් කෙල හලාගෙන පහුගිය දවස් වල දිගටම දැඟලුවේ. මතකනේ අර කලින් සජිත්ව පට්ට ගහපු තලතා පද්ද පද්ද ඇවිත් කට උල් කරගෙන කිව්වේ අපි කොහොම හරි බලය අල්ලනවා කියල. දැන් යන්න තියෙන්නේ මාලු ලෑල්ලකට බලය අල්ලගන්න.
කුනු පියදාස ගෙදර