(රෝෂන් තුෂාර)
කොළඹ කුරුඳුවත්ත සංගීත ගුරුවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන භාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ කටයුතු පිළිබඳව විමතිය පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය පොලිසියක්දැයි අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කරමින් විමසීය.
විමර්ශන ක්‍රියාවලිය මන්දගාමීව හා නොදැනුවත් ආකාරයෙන් සිදුවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විමර්ශනය කිරීමේ හැකියාව හෝ නොහැකියාව සම්බන්ධයෙන් ලබන 26 දින පුද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරමින් දන්වා සිටියේය.
දෙසැම්බර් 15 වැනි දින සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්ෂකවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.
ඝාතක සැකකරු නිවසට ඇතුළු වන දර්ශන ඇතුළත් සීසීටීවී අසල නිවෙස් දෙකක ඇති බවත්,එම නිවෙස් හිමියන් අදාළ ඩී වී ආර් යන්ත්‍ර ලබාදීමට මැලිකමක් දක්වන බව බවත්,උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
එම ඩි.වි.ආර් යන්ත්‍රවල දර්ශන දින 14කින් මැකී යන බවට නිවැසියන් ප්‍රකාශ කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මරණකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය මෙම සිද්ධිය යට ගැසීමට ප්‍රයත්න දරන බවට පෙනී යන බවය.
එබැවින් මෙම විමර්ශන කටයුතු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා"ඩි වි ආර් යන්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට බෑ කියන්නේ ඒක පොලිසියක්ද?යනුවෙන් අදාල උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළේය.ඩීවිආර් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශයට ඇති නොහැකියාව අධිකරණයේ කරුණු දක්වන නිලධාරියා කියා සිටින බවට නඩු පොතේ සටහන් කළ මහේස්ත්‍රාත්වරයා අදාළ අංශයේ නිලධාරීන් "අපරාධ විමර්ශන ක්‍රියාවලිය" ගැන කිසිදු අවබෝධයකින් තොරව අධිකරණය ඉදිරියේ කරුණු දක්වන බවටද සටහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කාරයෝ පගාවක් ගහල වෙන්න ඇති. නැතිනම් මොන ගොබ්බයද උසාවියට කියන්නේ අදාළ දර්ශන උසාවියට ඉදිරිපත් කරන්න බැහැ කියලා
DVR අයින් කළාම තමන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ. පොලිසිය DVR ප්‍රතිස්ථාපනය කළ යුතුය නැතහොත් සියලුම අයිතම පිටපත් ගත යුතුය. අපරාධ නඩුවකදී වසර ගණනාවක් ගත වනු ඇත, පසුව ඔවුන්ට අයිතමය අහිමි වේ. වලංගු පිටපතක් ලබා ගැනීමට නිසි පද්ධතියක් තිබිය යුතුය.
කණගාටුදායක තත්වයක්. පොලිසිය ඔවුන්ගේ අධිකාරිය දන්නේ නැත. පොලිස් බඳවා ගැනීම්, පුහුණුව, උසස්වීම්, ස්ථාන මාරුවීම්, OICC ස්ථානය, කොට්ඨාශය වැනි තනතුරු සියල්ල දේශපාලනය යටතේ පවතී. බොරු පමණි ,අන් කිසිවක් නොපෙන්වයි. දැන් නායකත්වය දරන්නේ හිටපු භික්ෂුවක් . මහා පරිමාණ ආනයනකරුවන් සහ ආධාරකරුවන් නිදහස භුක්ති විඳිති. පසුගිය වසර කිහිපය තුළ දෙමළ ගැසට් (ASP) කීයක් ඇතුළත් කර තිබේද? බයියන්ගේ පොලිසිය
පොලිසියෙම මාමා කෙනෙක්ද දූශනය කරල තියෙන්නෙ. කොළඹ ඔහොම නම් ගමක උනොත් කතාකරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.