(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ නගරය තුළ ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවන සියලුම මගීන් සහ ඔවුන් ගෙන එන ලබන පාර්සල් මෙන්ම දුම්රිය මැදිරි ද විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ.
කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් යොදවා ආරක්ෂා කර ඇති අතර ආර්ථික මර්මස්ථාන සියල්ලටම යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදවා ඇත.
කතෝලික දේවස්ථාන සහ විහාරස්ථාන වලටද ආරක්ෂාව යොදවා තිබූ අතර කොළඹ නගරයේ බොහොමයක් කඩ සාප්පු වසා දමා තිබූ අතර පිටකොටුවේ මහා වීදියේ වෙළඳසල් හිමියන් විසින් සුදු කොඩි වැල් අදිමින් තම ශෝකය ප්‍රකාශ කරන අයුරු ද දැක ගත හැකි විය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )





















(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009ට කලින් කාලේ මතක් වෙනවා.
කෝ මේ රතු අලි පැටියෝ ටික.රට ගිනියන්න ජනවාරි 8 වැඩ කරපු කට්ටිය හැංගිලාද? මම දැක්ක ජාතික ලැයිස්තුවේ කෙන්නෙක් ව පොලිසියෙන් අල්ලාගෙන යනවා.
ඕක තම යහපාලනය කියන්නේ අවුරුදු 20 ක් රට ආපස්සට ගිය මේකෙන් ආයෙත් පරීක්ෂා කරන කොට මහින්දගේ පාලනය මතක් වේවි
විහිළුවක්. ආරක්ෂාව ඇති කරන්නේ මෙහෙම නෙවේ. බුද්ධි තොරතුරු මගින්.. හැමතැනම බැලුවට වැඩක් නැහැ.