(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (ජූලි) සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) පැවසීය.
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජුනි මාස සියයට 12 ක පැවැති බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීය.
මෙම මස (ජූලි) ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -1.4 ක් දක්වා පහත වැටී ඇති අතර පසුගිය ජුනි මාසයේදී එය සියයට 4.1 ක් ලෙස පැවැති බවත් ජූලි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 10.5 ක් දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය ජුනි මාස සියයට 16.2 ලෙස පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරින් කෑම නොගෙනිය දාට, කොළඹින් කෑම එකක් කන්න අඩුගානේ රුපියල් 350ක් ඕනේ... ඉතින් ඒ නිසා කෑම නොගෙනිච්චොත් ඉන්නේ බඩගින්නේ... අනේ මෙහෙමත් රටවල්...
ඔය උද්ධමනය කියන කෙහෙල්මල බඩුමිල සමග සම්බන්දයක් නැද්ද? උද්ධමනය පහළ ගියා කියලා බඩුමිල අඩුවෙලා නැහැ. උද්ධමනය පහළ යාමෙන් වෙන්නේ පොලී අඩුවීම නම් පාඩුව සිද්ද වෙන්නේ තැන්පත් කරුවන්ට. අඩු පොලියට ණය ගන්න බිස්නස් කාරයෝ හොඳට හම්බ කරනවා. අන්තිමට පාඩුවෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි තැන්පත් කරුවන්ටයි. මේ රටට පිටරට මුදල් ඒවා රුපියල් වශයෙන් තැන්පත් කිරීම පාඩුයි.