
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා එවැනි ආයතනවලට ලබාදීමෙන් පෞද්ගලික ගොඩනැගිලිවලට කුලී වශයෙන් ගෙවූ ලොකු මුදලක් රජයට ඉතිරි කරගත හැකි බවයි.
පෞද්ගලික ගොඩනැගිලිවලට කුලී ගෙවන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ පවතින බව වාර්තාවේ.
මේ අතර ඇමැති බංගලා කුලියට ගැනීම සඳහා දෙස් විදෙස් ආයතන පනහකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද අමාත්‍යවරයා පැවසුවේය.
ඇමතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ කොළඹ පවතින්නේය. ඇමැති බංගලා පාවිච්චි නොකිරීමට ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
මේ අතර ජනාධිපති බංගලා සම්බන්ධයෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම බංගලාද ඵලදායි ව්‍යාපෘතිවලට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බලාගෙන යන බවයි.
ඒ බංගලා සම්බන්ධයෙන් විදේශ රටවලින්ද ඉල්ලීම් රැසක් ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
671
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
සිරිපාල Monday, 12 May 2025 07:17 PM
කරන දෙයක් ඉක්මනට කරනවලකෝ. දැන් මාස 6ක් තිස්සේ පොල් ගානවාද?
Agith Monday, 12 May 2025 08:09 PM
කරුණු සොයා බල බලා ඉඳපල්ලා අවුරුදු පහම....
Kamal Koyrala Tuesday, 13 May 2025 11:51 AM
බොහොම හොඳ අදහසක්... රජයේ වියදම් අඩුකිරීම, එමෙන්ම මාසිකව යන කොමිස් කුට්ටියත් අහෝසි වීම...