(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව තිබේ.
ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගර සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැදවූ සාගල රත්නායක මහතා මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.
කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.
නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයන් ලෙස පවත්වාගෙන යාම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොළොම් කුමාරිය හැඩ වැඩ කරයි
Nihal Saturday, 12 August 2023 11:38 AM
මොනවා කළත් වැඩක් නෑ. පොලිතීන්, ප්ලාස්ටික් තහනම් නොකර, පළමුව කාණුවක් බලන්න... ලංකාවේ සෑම නගරයකම අවහිර වෙලා මදුරු කීට ලක්ෂ ගණනින් ...
Perera Saturday, 12 August 2023 12:48 PM
රට බංකොළොත්... විදේශ ණය ගෙවාගන්න බැහැ... රටේ මිනිස්සුන්ට හතේ හත වැදිලා වැදිලා මැරි මැරී යනවා. මෙතන කොළඹ හදාවඩා ගන්නවා... මේ ආණ්ඩුවේ අයට නම් හොඳටම විකාර...