
සුමිත් පොතුපිටිය
කළුතර ගඟ අසල, මුහුදු වෙරළ සහ කලපුව ආසන්නයේ අතර සිටී තරුණ යුවල 13 ක් අද පස්වරුවේ පොලිසියට රැගෙන ආ බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැලැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත.
අනේ සර් ගෙවල්වලට නම් කියන්න එපා කියමින් පොලිස් නිළධාරීන් ඉදිරියේ තරුණ තරුණියන් හඩාවැටී ඇති බවද සදහන් වේ.
විශේෂ බස් රථයකින් ඔවුන් පොලිසියට කැටුව විත් මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා අවවාද කර තරුණ තරුණියන්ට තේ පැන් සංග්‍රහයක් දී පිටත් කර හැරියේය.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අලි එනවාද?
මේක මහ මෝඩ වැඩක්... මිනිස්සුන්ගේ නිදහසට බාධාකරන්න පොලිසියටත් බැහැ. මේ වගෙන් මේ ජීවිත වලට වන අහිතකර බලපෑම් වැඩි ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම මූලිකවම අවශ්‍යතාවයක් කවුරු හරි මානව හිමිකම් ගියොත් නිලධාරිනුත් අමාරුවේ...
පොලිසිය කරන්නේ අමාරු රාජකාරියක් , මොනා කලත් වැරදි. මේ හරියේ පාසැල් දරුවන් 16ක් ගුරුවරයෙකුගෙන් අපයෝජනය උනා, තව පාසැල් දරුවෙක් සල්ලාලයෙක් නිසා මරුන ඉතින් පොලිසියට අයිතියක් තියෙනව මේ ඉන්න වෙරළේ අහුමුලු වල ට වෙලා ඉන්න පිරිස් ගැන යම්කිසි අවධානයක් යොමුකරන්න. පොලිසියට වෙලා තියෙන්නේ හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි හොයාගන්න අමාරු රාජකාරියක් ...............
ඕයි, මූද අයිනේ වාඩිවෙලා ඉන්නවත් ඉඩ දෙන්නේ නැති රටක ඉඳල වැඩක් තියෙනවද?
තරුණ පෙමට තරුණ අවශ්‍යතාවලට හරස් වුවද මහල්ලන්ගේ අලුකුත්තේරු වැඩ වලට උපරිම නිදහස ලබා දී ඇත . නාකි දේශපාලකයින්ට සැපේ යාමට අදි සුඛෝපභෝගී වාහන වලට වියදම් කල මුදලින් සෑම නගරයකම උද්‍යාන සැදුවානම් මීට වඩා යහපතක් රටට වනු ඇත . විදේශීය රටවල මේ සංකල්පය හොදින් ක්‍රියාත්මක වේ.
හෝටල් ගානේ නොයා වෙරලේ ඉන්න එක හොඳ නැතිද?.තරුණ පරපුරට පෙම් කිරීම නවත්තන්න බෑ.සීමාව තුල හැසිරීම කාගේත් යහපතට හේතුවක්.....
එළිමහනේ තරුණ තරුණියන් ට ආදරය කිරීමට ඇති ඉඩ අහුරනවා නොව ඔවුනට ආරක්ෂාව දිය යුතුය .කොටු කර ගත යුත්තේ ආදරය මුවාවෙන් ගෑණු දරුවන් කාමර වලට රැගෙන යන නරක පිරිමින්ය
මෝඩ ජෝක්
අපිත් එනවා කළුතර වෙරළට තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳින්න .නියමයි
දරුවන්ට ආදරේ ඇති දෙමව්පියෝ මේ වැඩේට පොලිසියට ස්තුති කරනවා... දරුවන්ට අයාලේ ඇරලා ඉන්න අයට නම් ගාණක් නැතිව ඇති දරුවෝ මොනවා කෙරුවත්.