IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කළුතර දිසාවට තිබූ එකම සී.ටි. ස්කෑන් යන්ත්‍රයත් කැඩිලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර ජනතාවට තිබූ එකම සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇතයි හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

හොරණ මූලික රෝහලේ තිබූ එම සි ටි ස්කෑන් යන්ත්‍රයේ යූ.පී.එස් කොටසේ ඇති දෝෂයක් නිසා මෙසේ ක්‍රියා විරහිත  වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම රජය මඟින් පාලනය වන කළුතර නාගොඩ මහ රෝහලේ සි. ටි. ස්කෑන් යන්ත්‍රය ද අක්‍රීය වී තිබීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ 13 ලක්ෂයට අධික ජනතාවක් අතර සිටින රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම හදිස්සි අනතුරට ලක්වන රෝගීන් ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයක් හටගෙන ඇත .

හදිසි අනතුරකදී රෝගියෙකු ක්ෂණිකව සීටී ස්කෑන් යන්ත්‍රය හරහා පරික්ෂා කිරීමට සිදු වුවහොත් එම රෝගියා කලුබෝවිල රෝහල හෝ කොළඹ මහ රෝහල වෙත යොමු කිරීමට සිදුවේ.

මේ පිළිබඳ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය.

ඔව්, සි ටි ස්කෑන් යන්ත්‍රය මේ වන ව්ට මාස 1 1/2 පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ ,

එහි යු. පි. එස්. කොටස අමාත්‍යාංශයෙන් ඇනවුම් කරලා තියෙන්නේ. සී.ටී.සී ස්කෑන් කළ යුතු  රෝගීන් මේ වන විට කොළඹ මහ රෝහල වෙත හෝ කලුබෝවිල රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරනවා

 



අදහස් (2)

කළුතර දිසාවට තිබූ එකම සී.ටි. ස්කෑන් යන්ත්‍රයත් කැඩිලා

Zeylanicus Sunday, 16 July 2023 02:58 PM

UPS එකේ අවුලක් නිසා ද මේක පාවිච්චි නොකර ඉන්නේ?

:       2       0

පැරකුම් Monday, 17 July 2023 09:17 AM

කලබල වෙන්න කාරණාවක් නෑ. අපේ පාලකයින්ට අවශ්‍ය සියලුම සේවාවන් සිංගප්පූරුවෙ තියනව. අනිත් එක අපි අපේ සල්ලිවලින් ඒගොල්ලො එහේ යවනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site